hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 ජනවාරි 23, පෙ.ව. 6:22



බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෙම වෛද්‍යවරයා ඔහු සතු කැමරා පහසුකම් සහිත ජංගම දුරකථනයෙන් මෙම හෙදිය වීඩියෝ කරගෙන ඇති බව ද එම වෛද්‍යවරයා සතුව තිබියදී පොලිස් බාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා බස්නාහිර පළාතේ පිහිටි මූලික රෝහලක රාජකාරි කරන අයෙක්.

නාවික හමුදාවේ සේවය කරන හෙදිය මේ බව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් පිරිසක් වෛද්‍යවරයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බීමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මොහු බීමතින් සිටින බවට එම වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කර සිටියා.

නාවික හමුදාවේ හෙදිය ද ඇයට සිදුවූ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: