hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 මාර්තු 26, පෙ.ව. 3:50



ජංගම දුරකථනය මේ වන විට මිනිස්සුන්ට නැතිවම බැරි උපකරණයක් වෙලා ඉවරයි.

ලොකු කුඩා භේදයකින් තොරව ජංගම දුරකථන භාවිතා කරනවා.

ඒ විතරක් නෙවෙයි කොරෝනා කාලේ වැඩි වශයෙන් ජංගම දුරකථන භාවිතා කරන්න හුරු වුනා.

හැබැයි අද කියන්න යන්නේ ජංගම දුරකථනයට ආපු ඇමතුමක් නිසා වෙන්න ගිය මාරක අනතුරක් ගැන.

ජංගම දුරකථන සමාගම් විසින් බලහත්කාරයෙන් පාරිභෝගිකයන්ගේ දුරකථන වෙත යොමු කරන වෙළඳ ප්‍රවර්ධන ඇමතුමක් හේතුව හේතුවෙන් මාරක රිය අනතුරක් දශමයකින් මග හැරී ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊට මුහුණ දුන් පුද්ගලයා සිය අත්දැකීම තම සමාජ ජාල පිටුවට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්,

ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි.

මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා.

පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.

කෙසේ උවත් කිවයුතුම දේ….මට ඒ ආපු දුරකථන ඇමතුම **** සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් **** ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.

මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ?

– එම් ජී ඩී දයාරත්න-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: