hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මාර්තු 11, පෙ.ව. 12:05



කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ මීට දින කිහිපයකට පෙර පැවති උත්සවයක දර්ශන පෙළක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි දැක්වුණේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆ්‍රෑන්ක් ද සොයිසාගේ 19 වැනි උපන්දිනය එහි සැමරූ ආකාරයයි.

ඔහුගේ උපන්දිනය මෙම ඝාතනය වූ නිවසේදීම බැලුම් එල්ලා අලංකාරවත් ලෙස සමරා තිබුණි.

එම දිනයේදී ඔහුට චීස් කේක් කෑමට කැමැත්තක් තිබී ඇති බවත්, ඒ අනුව ධනුෂ්ක ඇතුළු පවුලේ සමාජිකයින් ඔහු වෙත චීස් කේක් ලබාදී ඇති බවත් ධනුෂ්කගේ පවුලේ හිතවතුන් සඳහන් කළා.

මේ අතර කැනඩාවේ, ඔටාවා හී සමූහ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ ඥාතීන් ඉදිරි දින කිහිපයේදී එරටට පැමිණිමෙන් පසු අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ නවරත්න මහතා පවසයි.

ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් බාර්හෙවන් ප්‍රදේශවාසින් ”සිහිපත් කිරීමේ වැඩසටහනක්”ද ඊයේ සංවිධාන කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: