2024 අප්‍රේල් 05, පෙ.ව. 12:04
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් තමයි චමත්කා ලක්මිණී කියලා කියන්නේ ඇයගේ රංගන හැකියාව නිසාම ඇය මේ වන විට හැමෝගෙම කතා බහට ලක් වනවා.
ඇය ගැන බොහෝ දෙනා අඩ නිරුවත් චරිත රගපෑම නිසාත් කතා බහට ලක් කලා.
කොහොම උණත් ඇය ඉතාම දක්ෂයි.
හුස්ම ටෙලිනාට්‍ය හරහාත් ඇය දෑඩි ලෙස කතා බහට ලක් කෙරුණා.
චමත්කා ලක්මිණී කාගේත් ආකර්ශනය දිනාගත්ත දක්ෂ , ජනප්‍රිය තාරකාවක්.
අද වෙනකොට ඇය ඒ වගේ තැනක හිටියත් ඇගේ අතීත කතාව හිතන තරම් සුන්දර එකක් නෙවෙයි.
ඒ ගැන දැන් වෙද්දී ඇය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කියනවා.
ඒ චමත්කා මේ වෙද්දී ඇගේ ජීවිතය ජයගෙන නිසා වෙන්න ඕන.
දැන් ගොඩක් ලස්සන පවුලක් එක්ක ඉන්න ඇය අතීතය ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.
“මට තිබුණේ ඉතාම අඳුරු ළමා ලෝකයක්. ආර්ථික වශයෙන් ඒ කාලේ අපි හොඳ තත්ත්වයක ජීවත් වුණාට මම පුංචි කාලෙදිම මගේ තාත්තයි අම්මයි වෙන්වුණා. ඒ අතරේ මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක මට අතිශය සුන්දර ළමා කාලයක් තිබුණෙ නැහැ. හැබැයි මට නොලැබුණු ඒ ළමා කාලය මම මගේ දරුවාට ලබා දෙනවා. මට නොවුණු, මට නොලැබුණු, මම නොදැක්ක දේවල් මම දරුවාට ලබා දෙනවා. මම නොදැක්ක ලස්සන දේවල් මම දරුවාට බලන්න දෙනවා. මම කවදාවත් මගේ සැමියාට දරුවා ඉස්සරහ කෑ ගහන්නෙ නැහැ. ඒ අමිහිරි අත්දැකීම් මම මගේ ළමා කාලෙදි ඇති තරම් දැකලා තියෙනවා. ඒ වගේම මම හැම මොහොතකම ඕනෑම කෙනෙක්ට ගෞරව කරන්න මගේ දරුවාට කියලා දීලා තියෙනවා. එයා හැමෝගෙම ආදරය දිනාගත්ත දරුවෙක් විදිහට හැදෙනවා නම් මම ආසයි.”
2025 මැයි 19, ප.ව. 12:51
2025 මැයි 19, ප.ව. 12:03
2025 මැයි 19, පෙ.ව. 10:42
2025 මැයි 19, පෙ.ව. 10:37
2025 මැයි 19, පෙ.ව. 9:33
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25