hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 12:04



ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණයත් එක්ක මේ දවස්වල හැමෝම කතා කරන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක්‍රීඩකයන් අතර වඩාත් කඩවසම් රුවක් හිමි චාමික කරුණාරත්න ගැන තමයි මේ දවස්වල තරුණියන් නම් වැඩියෙන් කතා කරන්නේ. 

චාමිකගේ කඩවසම් පෞරුෂය, සුන්දර සිනහව වගේම දක්ෂතාව නිසා බොහෝ තරුණියන් තමන්ගේ ක්‍රෂ් එක කරගෙන ඉන්නේ චාමිකවලු.

චාමික කරුනාරත්න උත්සව අවස්ථා කීපයකටම ගිහින් “හීන රටේ කින්නරාවී” ගීතය ගයන වීඩියෝ පට මේ වෙද්දි ෆේස්බුක් ඇතුළු සියලු සමාජ ජාලාවල සැරිසරනවා.

මේ ගීතය තැනූ සංගීත අධ්‍යක්ෂවරයා වෙන සචිත් පීරිස් මේ පිළිබඳ සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ගීතයේ සැබෑ වීඩියෝ පටය සමඟ පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ සචිත්ගේ එම ප්‍රකාශය.

“Inbox පිරෙන්න Messages ගොඩක් එනවා” හීන රටේ කින්නරාවි (සිහිනේ)” සිංදුව ගැන අහලා. ඒ නිසා මේ original song එකේ video එක දාන්න හිතුවා. මේ සිංදුව මම “රුං රුං ගාගා” සිංදුවටත් කලින් හදපු සිංදුවක්. මේකෙ “Uyire” කියලා Tamil සිංදුවක් තමයි මුලින්ම හැදුවෙ.ඒසිංදුවත් ඒ කාලෙ Tamil stations වල charts වල තිබුනා වගේම ඉන්දියාව,මැලේසියාව වගේ රටවල් වලත් play උනා. මේ සිදුව ගායනා කරන්නෙ ප්‍රතාබ් හා ශමිර් කියන දෙන්නා. ඒ වගේම female vocals ඉරන්ගි හා සමහර Harmony parts මම ගායනා කරන්වා. සිංහල සිදුව නිලාර් එන්. කාසිම් අයියා තමයි ලිව්වෙ. ස්තූතියි Chamika Karunaratne ආයෙ අවුරුදු ගානකට පස්සෙ මේ සිංදුවට ආදරේ කරන පිරිසක් එකතු කරාට.”