hit counter

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 26, ප.ව. 12:17



අද පස්වරුවේ දැයෙන් සමුගෙන යන, හෙළ සිනමාවේ නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳව ලියවුණු ලියවෙන සටහන් රැසකි.

ඒ අතර ඇය හා ජනප්‍රිය රංගන ශිල්පි චන්දික නානායක්කාර පිළිබඳව ලියවුණු සටහනකි මේ…

සටහන තබා තිබුණේ, කැළුම් පාලිත මහීරත්න විසිනි.

”මම මීට දවස් දෙකකට විතර කලින් පුංචි පෝස්ට් එකක් දැම්මා ඇත්තම ඇත්ත කතාවක ඇත්ත කතාවක් කියන්න තියෙනවා කියලා. මම ඇත්තටම ඒ කතාව අද කියන්න ඕන කියලා හිතුවේ නෑ.

අද කියන්න මට හේතුවක් හැදුනා. චන්දික නානායක්කාර කියන්නේ මගේ හොඳ යාළුවෙක්, සහෝදරයෙක් වගේ යාලුවෙක්.

මම සාමාන්‍යයෙන් විවේක තියෙන බොහෝ වෙලාවල්වල චන්දික එක්ක කතා කරනවා.

ඒක මාලනී අක්කා හොඳින් දන්නවා. එහෙම කතා කරන්න බැරි වෙච්ච කාලයක මාලනී අක්කා දවසක් මගෙන් ඇහුවා මොකෝ යාලුවත් එක්ක කතා කරේ නැත්තේ පහුගිය දවස්වල කියලා.

චන්දික මාලනී අක්කව බලාත්තා හරි අපූරු විදිහට.

මම දන්නවා පහුගිය කාලේ ඔහු නාට්‍ය කිහිපයක චරිතත් අත ඇරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාලනී අක්කව දවස් දෙකකට සැරයක් hospital. ගෙනියන්න කොච්චර නං සූදානම් වුණාද කියලා.

මම දන්නවා ඔහුගේ යුතුකම ඉතා ඉහළින්, ඔහුට කළ හැකි ඉතාම උපරිමයෙන් කලා කියලා..

මට මේ කතාව අද ලියන්න හේතුඋනේ ,මම අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා, එතකොට ඔහු හිටියේ ගෙදර.

මං ඇහුවා මොකෝ. දැන් මගේ වැඩ ඉවරයි ,මං කරන්න ඕන හැමදේම කරා අයියේ කියලා..මට දැනුනා චන්දිකගේ කටහඬ හැඬුම්බරයි කියලා.

මාලනි අක්කා ,ගොඩක් අයව බලා ගත්තා. චන්දික මාලිනි අක්කව ඉතාමත්ම ආදරෙන් බලා ගත්තා. මේකට එකම එක සාක්ෂියක්. කියලා මං මේ කෙටි සටහන ඉවර කරලා දානවා,

නැති වෙන්න පැය ගානකට කලින් මාලනී අක්කා අන්තිමටම කතා කරපු වෙලාවේ කියනවා. චන්දිකට පොඩ්ඩක් එන්න කියන්න එයාට මාව ටිකක් තුරුලු කරගන්න කියලා.

එච්චරයි..”

(උපුටාගැනීම : කැළුම් පාලිත මහීරත්නගේ ෆේස්බුක් පිටුවෙන්)

එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනි අංජලී ලියනගේ ද මෙලෙස සටහනක් තබා තිබුණා…

“මාලිනිය බොහෝ අය බලා ගත්තා. චන්දික මාලිනියව ආදරයෙන් බලා ගත්තා. ඒ ඇති….”

Chandika aiya ඔයාගේ ඒ බලා ගැනිම පුදුමාකාරයි. ඒ කැපකිරීම ලේසියෙන් කාටවත් කරන්න බෑ.

අපිට අනන්තවත් ඇහිලා තියනවා රූපගතකිරිම්වල හිටියත් කෝල් කරලා බෙහෙත් බොන වෙලාව කෑම ගන්න ඕන වේලාව මතක් කරන්වා.

මෙච්චර ලොකු කාලයක් ඒ බලාගැනිම කැපකිරීම් ලේසි පහසු නෑ..

ඒ හැමදේකිනම පස්සෙ පැත්තකට වෙලා නිහඬව බලාගෙන ඉන්න මනුස්සයෙක් ඊයෙ දැක්කා.

චන්දික අයියෙ ඔයා අපූරු මනුස්සයෙක්…

Chandika Nanayakkara ඔයාට ඒ පිනම ඇති.”

(උපුටාගැනීම : අංජලී ලියනගේ ෆේස්බුක් පිටුවෙන්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: