hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 28, පෙ.ව. 12:02



ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයෙන් පුංචි තිරය මත දිගහැරුණු සකූගේ කතාව ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඔහු ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණයේ කවීන් මෙන්ම පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නිර්මාණයේ අකිල ලෙසින් මේ දිනවල ඔබ හමුවට එයි.

එකිනෙකට වෙනස් චරිතයන් ද්විත්වයක් ඔස්සේ එකම දින ඔබ හමුවන ඔහු ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා විසින් කලාව උදෙසාම මැවු අපූරු නිමැවුමකි.

. මේ දිනවල යෞවන සිත් ඇද බැඳගෙන සිටින ඔහු ජනප්‍රිය රංගන ශිල්පී චානුක ප්‍රබුද්ධය.

ඔහු පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

නිර්මාණවල ඇරුනම චානුක වැඩිය පේන්න නැත්තෙ ප්‍රසිද්ධියට අකමැති නිසාද?

ඇත්තම කිව්වොත් මට ප්‍රසිද්ධ වෙන්න ඕන නෑ. මට ඕන ජනප්‍රිය වෙන්න. ප්‍රසිද්ධිය කියන එක එක දවසකින් ඇතිකර ගන්න පුළුවන් දෙයක්. ඒත් ජනප්‍රිය වෙන එක මිනිස්සුන්ගෙ ආදරය දිනා ගන්න එක තමයි අමාරු. මං මේ උත්සාහ කරන්නෙ අන්න ඒ අමාරු කෑල්ල අල්ල ගන්න. ඒ කෑල්ලෙන් තමයි තීරණය වෙන්නෙ මං ඒ චරිතය හරියට කළා ද නැද්ද කියන එක. අපි කරන වැඩේ හොඳ අවබෝධයකින් හරියට කළා නම් අපි ජනප්‍රියත්වය පස්සෙ දුවන්න ඕන නෑ. ජනප්‍රියත්වය ඉබේම අපේ පස්සෙන් එනවා. මං හරිම සරල හැමෝටම එක විදිහට සලකන කෙනෙක්. ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම ගතිගුණය.

ඔබ කලා ක්ෂේත්‍රයට එන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. ඒ අතීතයත් මතක් කරමු?

ඔව්. ඒ ගැන නම් කියන්නම ඕන. මං මේ ක්ෂේත්‍රයට ආවා කියනවට වඩා ගෙනාවා කියන එක තමයි හරි. ඒ ගෞරවය හිමිවෙන්න ඕන ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහත්මයට. නෙතූ ටෙලි නිර්මාණය හරහා මාව රංගන ශිල්පියෙක් විදිහට මැව්වෙ ඔහු. ඊට පස්සෙ තමයි මං ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සකූගේ කතාවෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ හරහා මට ඔහුගේම මන්දාරා සිනමාපටයෙන් සිනමාවට පිවිසීමේ අවස්ථාවත් උදා වුණා. මේ වෙද්දි ජනප්‍රිය තලයේ සැලකිය යුතු නිර්මාණ ගණනාවකට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: