2025 ජූලි 02, පෙ.ව. 12:09
ලාංකේය සමාජ මාධ්‍ය භාවිතාව තුළ සුවිශේෂී විස්කම් පෑ තරුණයෙකි, චරිත් එන්. සිල්වා.
එහෙමත් නැත්නම් ඔබට අපට හුරුපුරුදු ‘Wild Cookbook’
චරිත් සිය අරමුණු වෙනුවෙන් කෙතරම් කැපවෙන තරුණයෙක් ද යන්න පැහැදිලියි, මේ වෙද්දි යූටියුබ් අවකාශය තුළ ඔහු අත්කරගෙන ඇති ජයග්‍රහණත් එක්ක.
ලංකාවේ ලොකුම යූටියුබ් චැනල් එක ඔහුගෙ.
ගෙවුණු දවසක චරිත් ඩයමන්ඩ් ප්ලේ බට්න් එකත් තමන්ගේ දෝතට ගත්තා….
”ඇත්තටම ඒක ගොඩක් සතුටු අවස්ථාවක්. මොකද ලංකාවේ යූටියුබ් චැනල් එකක් පළමුවැනි වතාවට තමයි මිලියන දහයේ සීමාව පසු කරන්නෙ. ලාංකිකයෙකුට ප්‍රථම වතාවට තමයි ඒ අවස්ථාව හිමි වුණේ. ඒක මට නිහතමානී ආඩම්බරයක්. ඒ ගැන හරිම සතුටුයි”
සමාජ මාධ්‍ය කියූ සැනින් නැඟෙන මතය, චරිත් වෙනස් මානයකට ගෙන ගියා කිව්වොත් හරි.
”සමාජ මාධ්‍ය හරි විදියට පාවිච්චි කරනවා නම් ඒකෙන් වෙන දේ ගැන සුළුවට තකන්න බෑ. මොකද අද මම මේ ඉන්න තැන සමාජ මාධ්‍ය තිබුණෙ නැත්නම් නෑ. සමාජ මාධ්‍ය නිසා තමයි මම අද මේ තැන ඉන්නෙ. සමාජ මාධ්‍ය කියන්නෙ ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් දෙයක්”
”සමාජ මාධ්‍ය කියන්නෙ හැමදාම වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන දෙයක්. අපි වෙනස් දෙයක් කළොත් තමයි අපේ පැවැත්ම රඳා පවතින්නෙ. ඉතින් මම මගේම විදියකට ඒක පවත්වාගෙන යනවා. ඒ ගැන මට හරිම සතුටුයි”
උපුටාගැනීම් : හදගැස්ම
2025 ජූලි 02, පෙ.ව. 12:05
2025 ජූලි 02, පෙ.ව. 12:04
2025 ජූලි 01, පෙ.ව. 12:07
2025 ජූලි 01, පෙ.ව. 12:03
2025 ජූනි 30, පෙ.ව. 12:04
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25