hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, ප.ව. 4:24



රංගන ශිල්පී චරිත් අබේසිංහ මහතාට රාජයෝගයක් ඇතිබව පවසමින් දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා තිබෙනවා.

සමගි ජනබල වේගයේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිට සිටිමින් ඔහු සිය ඡායාරූපයක් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබෙනවා.

එමෙන්ම සතිඅන්තර පුවත්පතකට අදහස් දක්වමින්ද “මට රාජයෝගයක් තියෙනවා” යනුවෙන් හෙතෙම පවසා ඇත.

එමෙන්ම චරිත් අබේසිංහ මහතාගේ දෛවඥයා මේබව තමන්ට පවසා ඇත්තේ බොහෝ කාලයකට පෙර බවද හෙතෙම පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මේවනවිට නිර්මාණය වී ඇති අතර “හැම නළුවෙකුටම දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්” යනුවෙන් අදහස් පළවෙමින් තිබෙනවා.

”මම සිනමා නළුවෙක් පමණයි. ඒ නිසා රඟපාලා රජ වෙන්න හෝ රජ වෙලා රඟපාන්න මට බැහැ.

මම හැමතිස්සෙම පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන්.

මට රාජ යෝගයක් තියෙන බව ඇත්ත.

ඒත් මම මොන විදියට හරි දේශපාලනයට ආවොත් ඒ ඒක නිසා නෙවෙයි. ජනතාව වෙනුවෙන්.

මේ මිනිස්සු පුදුම විදියට දුක් විදිනවා. අපිටත් සමාජ වගකීමක් තියෙනවා. අපි මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ නැත්නම් කවුද එයාලා වෙනුවෙන් කතා කරන්නේ.

අපි හැමෝම අවුරුදු 18 ඉඳලම දේශපාලනය කරනවා.

මේ රටේ දුක් විඳින මිනිස්සු. ඒ හැම මනුස්සයාම මට චරිතයක්. මමත් ඔවුන් අතරෙන් ආපු කෙනෙක්. මගේ නම චරිත්. ඒ මිසක් මම ඔවුන් අතරෙ වෙනම චරිතයක් රඟපාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම එයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා හැම තිස්සෙම.

චරිත් මරා දැමුවත් චරිතය ඝාතනය කරන්න කාටවත් බැහැ.

කොයි වෙලාවෙත් චරිත්

Anytime Charith”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: