hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 6:16



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක අද දින ඔහුගේ වසර 10ක ඉදන් ආදරණීය පෙම්වතිය වන කාවින්දිකා සමඟින් සුබ මොහොතින් යුග දිවියට එලඹුණා.

කොහොම නමුත් ඊයේ දින මහනුවර පල්ලෙකැලේ ජාතික ක්‍රීඩාංගනයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුනත් ඔහු එම තරඟය නියෝජනය කිරීම විශේෂයි.

ඉතින් ඒ වගේම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කල ඔහු කුඩා අවදියේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ සුවිශේෂි චරිතයක් බවට පත් වීමට ඔහුට වාසනාව හිමි වුණා.

ඒ වගේම චරිත් ශිෂ්‍යත්ව විභාගෙ ලියලා තියෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට යන්න තිබුණු කැමැත්ත නිසා.

ඉතින් ඒ කැමැත්ත පිටුපස්සේ තිබුණෙ කොළඹ ආනන්දෙ ක්‍රිකට් ගහන්න තිබුණ ආසාව.

ඉතින් කිවුව වගේම ඔහු ශිෂ්‍යත්වෙ පාස් වුනා. කොළඹ ආනන්දෙට යන්න ලකුණු ප්‍රමාණයත් ඇති වුනාට ඔහුගේ දෙමව්පියන්ට ඒ වෙද්දී චරිත්ව කොළඹ යවන්න කොහෙත්ම හැකියාවක් තිබුණෙ නැහැ.

ඉතින් ක්‍රිකට් ගහන්න තිබෙන ආසාව නිසා ඔවුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තෝරා ගෙන තියෙනවා.

ඒ වගේම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ ඔහු රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට 2016 වසරේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දක්වාම ක්‍රීඩා කළා.

ඉතින් ඊට පස්සේ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ද වුනා.

ඒ වගේම ඔහුගේ ක්‍රිකට් ගමනේ දී 2018 නොවැම්බරයේ එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියට නම් කරන ලද සංචිතයට ද ඇතුළත් වීමට සමත් වෙනවා.

නමුත් ඔහුට එහි දී ක්‍රීඩා කිරීමට තරම් අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.

එසේ වූවත් ඔහු 2018 සහ 2019 වසරවල ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවති ආසියානු කුසලාන තරගාවලිවලට සහභාගී වූ ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයන් හිමි වෙනවා.

ඉන් අනතුරුව 2019 වසරේ දී නේපාලයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ ද ඔහුටයි.