hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:04



නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරයේ සහ සිනමාවේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන්නට වාසනාව හිමි වූ සුන්දර චරිතයක්.

විටෙක රංගන ශිල්පිනියක් ලෙසින් විවිධ චරිත මවන චතූ තවත් විටෙක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් රූප තිරයෙන් දැක ගන්න ලැබෙනවා.

ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් චතූ රාජපක්ෂ සමඟිනුයි මේ කතාබහ ඇරඹෙන්නේ.

ආදරණිය මවක් වෙන්න දැන්ම අදහසක් නැද්ද?

පසුගිය දවස්වල නම් අපිත් කතා වෙලා හිටියා දැන් නම් දෙන්නා තුන්දෙනා වුණොත් හොඳයි කියලා. නමුත් මේ දවස්වල තියෙන කාර්යබහුලකම එක්ක පොඩ්ඩක් කල් දාලා තියෙනවා. තව චූටි කාලයක් ඉන්න හිතන් ඉන්නේ. අපි බලමු ඉතින්. අපි මෙහෙම කිව්වට අපි කැමති වෙලාවට අපිට කැමති කෙනා එන්නෙත් නැහැනේ. ඒ නිසා එයා කැමති වෙලාවට එයා එනකම් අපි දැන් බලන් ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: