hit counter

2025 ජූනි මස 18 වන බදාදා

2025 ජූනි 18, පෙ.ව. 12:03



Qatar Airways හි සේවය කරන ලාංකික යුවතියකට, ජනාධිපතිතුමාව මුණගැහිලා.

ඒ හමුව ඇයට කෙතරම් ආශ්චර්‍යක් ද, සතුටක් ද කියනවා නම්, සිය සතුට සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගන්නත් ඇය කටයුතු කර තිබුණා.

ඈ එහි විශේෂයෙන් විස්තර කර තිබුණේ, ජනාධිපතිතුමා කෙතරම් කරුණාවන්ත සහ නිහතමානී අයෙක් ද යන්නයි.

”Guys..!! මට අපේ ජනාධිපතිතුමාව මුණගැහුණා

මම හිටියෙ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයක, මගේ මව් රටට යනගමන්.

ඒ ගැන මම හිටියෙ ගොඩක් සතුටෙන්.

ඊට අමතරව, මට වැඩකරන අතරතුර අපේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න ලැබුණා.

ඔහු අවංකවම හොඳම කෙනෙක්. හරිම කරුණාවන්ත සහ හරිම නිහතමානී පුද්ගලයෙක්.

ඔයා හිතන්නේවත් නැහැ, ඔහු අපේ රටේ ජනාධිපති කියලා.

මම සහ මගේ මිතුරිය ඉමාරා ඔහු සමඟ ඡායාරූපයක් ගන්න හිතුවා. නමුත් ඔහු සුව නින්දක.

ඒ නිසා අපි ඔහු අවදි වන තුරු බලා සිටියා.

අන්තිමට ඔහු අවදිව refresh වෙලා එනකල් අපි එළියට වෙලා බලාගෙන හිටියා.

ඔහු එළියට ආවාම, අපි ඔහුට කතා කළා. ඔහු විනාඩි 15ක් විතර අපි එක්ක කතා කළා. සමහර විට ඊටත් වඩා වෙලා අපි එක්ක කතා කරමින්, අපිට සවන් දුන්නා.

ඔහු හරිම සන්සුන්වයි කතා කළේ. අපි මේ කතා කරන්නෙ, ජනාධිපතිවරයා සමඟ බව දැනුනේවත් නෑ.

ඒ තමයි ඔහු කෙතරම් කරුණාවන්ත අයෙක් ද කියන එක.

විනාඩි පහකට විතර පස්සේ, අපේ සුපවයිසර් අපි එයාට කරදර කරනවද කියලා බලන්න ආවා.

ඒත් ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, “නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය….” කියලා.

ඒ මොහොතෙ මට හරිම ආඩම්බරයක් දැනුනා.

මගේම රටට යන ගුවන් යානයක වැඩ කරමින්, ගෙදර යමින් සිටින වෙලාවක, මට අපේ ජනාධිපතිතුමාව මුණගැහිලා කතා කරන්න ලැබීම !!

අවංකවම මගේ හදවත පිරී ඉතිරී ගිහින්…”

(Cheka Weerakoon තබන ලද සටහනක් ඇසුරින්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: