hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:40



කොරීන් අල්මේදා ගායන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පිනියක්.

ඇගේ ගායන හැකියාව තුළ වේග රිද්මයානුකූල ගීත වැඩි වශයෙන් ගායනා කරන අතර ඉංග්‍රීසි, හින්දි වැනි වෙනත් භාශාවල ගීතත් විටින් විට ඈ මුවින් ගැයෙනවා.

කොරින් අල්මේදාගේ පුත්‍රයා බොහෝ දෙනෙක් දැන අඳුනනවා.

සත්‍ය වශයෙන්ම බ්‍රැන්ඩන් ඉන්ග්‍රම් කියන්නෙ තමන් සමලිංගික බැව් ප්‍රසිද්ධියේ පිළිගත්ත කෙනෙක්. 

එදා දවසේ තමන්ගේ පුත්‍රයා සමලිංගික බව දැනගන්නකොට ඇයට දැනුන විදිය ගැන ඇය කියූ කතාව,

‘බ්‍රැන්ඩන් මගේ පුතා මේක ඕපන් කළාම මේ සබ්ජෙට් එක.. මට මතක නෑ මොන අවුරුද්දෙද කියලා. මට ඒ වෙලාවේ මට ෂොක් එකක්. මොකද මම දැන් ඉන්න මානසිකත්වයේ නෙවෙයිනේ එදා හිටියේ. මීට වඩා ගොඩක් තරුණ කාලේ. මම ඇඬුවා ටිකක්. නමුත් මම ඉක්මණටම එයාව තවත් වැළඳගත්තා. ඇක්ස්පෙට් කළා. මොකද මම ලෝකේ වටේ ගියපු කෙනෙක්. ඒක අලුත් දෙයක්, මැජික් එකක් නෙවෙයි කියලා දැනන් හිටියා.’

‘මගේ පුතා ඕපන් කළාම ටිකක් ෂොක් වුණා. මම දකින විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි, ඒ කෙනාව ඇක්ස්පෙට් කරන්න. අපිට පිළිගන්න අවශ්‍යයි. අපේ කවුරු වුණත්…. ඒකෙන් මට ගොඩක් ලේසි වුණා ඊට පස්සෙ සහ මම ගොඩක් ආඩම්බර වුණා. එයා ට එරෙහිව මම මොනා හරි කළා නම්, වුණා නම් භාග වෙලාවට මට පුතෙකුත් නැතිවෙන්න පුළුවන්. මොකද ඒක එයාට කොච්චර මෙන්ටලි වැටෙයි ද ? මොන වගේ ෆීලින්ග් එකක් එයිද ? මොකද මේ දේවල් වෙන්නෙ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයිනේ. තමන් ඉල්ලලා නෙවෙයිනේ. හැබැයි අද වෙනකොට මම ඉතාම ආඩම්බර අම්මා කෙනෙක්..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: