2024 අගෝස්තු 19, පෙ.ව. 12:02
අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්රදේශයෙන් අසන්නට ලැබෙනවා.
පාසල් වියේ සිට ඇසුරු කළ පෙම් යුවළකි. එහෙත් දෙපාර්ශවයේ මව් පිය විරසකවීමෙන් ඇති වූ අඩ දබර නිසා පෙම්වතියට පාසල හැර ගමෙන් ද ඉවත්ව යාමට සිදු විය.
ඇය පිටස්තර ප්රදේශයක සිට ඉගෙනීම් කටයුතු නිමාකර එම ප්රදේශයෙන්ම විවාහ දිවියට පත් වූවාය.
කෙසේ හෝ ඇය තම දරුවා රැගෙන කුරුණෑගල රෝහලේ සායනයකට පැමිණි විට පෙර පෙම්වතා ද අහම්බෙන් ඇයට හමුවී ඇත්තේ වසර ගණනාවකට පසුවය.
දෙදෙනාම දැන් විවාහ වෙලාය. එහෙත් අමනාපකම් අමතක කර කුළුදුල් පෙම අමතක කරන්නට බැරි යැයි පැවසු දෙදෙනාම ආයෙත් පෙමක පැටලුණි.
ඇය ගලේවෙල ප්රදේශයේය. පෙම්වතා මහව ප්රදේශයේය. දෙදෙනා දුරකතන සංවාද ඔස්සේ හමුවන්නට දිනයක් කතා කර ගත්හ.
ඒ අනුව පෙම්වතා මගට පැමිණ පෙම්වතියට කතා කොට ඉබ්බාගමුවට එන ලෙසට කීවේය. ඔහු කුරුණෑගලට ඇවිත් පෙම්වතියට නැවත පණිවිඩයක් දුන්නේය. ඊට පිළිතුරු දුන් ඇය ඉබ්බාගමුවට එන්නට පොරොන්දු වූවාය. ඔහු පැමිණියේය. ඇය එන තුරු ඔහු බලා සිටියේය. ටික වේලාවකින් පෙම්වතිය වෙනුවට ඇයගේ අම්මා පැමිණියාය.
ඔහු සැඟවී සිට නැවත පෙම්වතියට ඇමතුමක් ගත්තාය. මං ඇවිත් ඉන්නේ එන්න යැයි පිළිතුරු දුන්නේ ඇය නොව ඇයගේ අම්මාය. ඒ සැණින් ඔහු දුරකතනය විසන්ධි කළේය.
දුවට ඉන්නකම් කෙනහිලිකම් කරපු පෙම්වතාට හොඳ පාඩමක් උගන්වන්නට අම්මා දුවට හොරෙන් දුව විදියට ඔහු සමග දු
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25