hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 18, පෙ.ව. 8:45



ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවත්නා දැඩි ඉන්ධන අර්බුදය ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල කර ඇති බව නොරහසක්.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත ද මෙම ඉන්ධන අර්බුදය එකසේ බලපෑම් එල්ල කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් දින දෙකකට අධික කාලයක් ඉන්ධන පෝලිමක කාලය ගත කරන බවත් මේ හේතුවෙන් තම පුහුණුවීම් සඳහා සහභාගිවීමටද අවස්ථාවක් හිමි නොවූ බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වා තිබූ චාමික කරුණාරත්න,

“දින දෙකක් තිස්සේ ඉන්ධන පෝලිමක ගත කිරීමෙන් අනතුරුව ඉන්ධන ලබා ගැනීමට හැකි වුනත් මෙම දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ මාගේ පුහුණුවීම් සඳහා සහභාගි වීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වැනි ඉතා වැදගත් තරගාවලියක් ආසන්නයේ තිබියදීත් මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එමෙන්ම ආසියානු කුසලානයත් පැවැත්වීමට නියමිතයි. ඉදිරියේ දී කුමක් සිදු වේවි දැයි මම දන්නෙ නැහැ. මේ නිසා මට කොළඹ ස්ථාන කිහිපයකට ම පුහුණුවීම් සඳහා ගමන් කිරීමට සිදුවෙනවා. මෙම ඉන්ධන හිඟය නිසා එසේ පුහුණුවීම් සඳහා සහභාගිවීමට මට හැකි වුණේ නැහැ. මෙම ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ දින දෙකකට හෝ තුනකට පමණයි. කොහොම වුණත් ඉදිරියේදී රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ඇති වේවි කියලා කියලා මම විශ්වාස කරනවා.”