2024 ඔක්තෝබර් 22, පෙ.ව. 12:02
මේ කතාව ඇසූ මොහොතේ සිටම බොහෝ දෙනෙක් තවමත් ඉන්නේ විමතියෙන්.. එකම පවුලේ මව, පියා සහ දියණියට මෙවැනි ඉරණමක් අත්වුණේ ඇත්තටම මොන හේතුවක් නිසාද..?
ඔහුගේ හිතවතුන්ට වගේම ඥාතීන්ටත් දැන් ඒ ගැන ඇත්තේ මහා සැකයක්.. මේ ඒ ගැන ඇසෙන තවත් වෙනස් විදිහක කතාවක්..
හලාවත, සිංහපුර ප්‍රදේශයේ අබිරහස් ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා..
එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවයි..
එමෙන්ම පසුව සිරුරුවලට ගිනි තබා ඇති බවයි එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ..
හලාවත – සිංහපුර ප්‍රදේශයේ ගිනිගනිමින් තිබූ දෙමහල් නිවසක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සහ කාන්තා මළ සිරුරු දෙකක් පොලිසිය සොයා ගත්තේ ඊයේ උදෑසනයි..
නිවසේ පහත මහලේ කාමරයක් මත තිබී ගෙළ සිඳී ගිය කාන්තා මළ සිරුරක් හමු වූ අතර ආලින්දයේ තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් පොලිසිය සොයා ගත්තා..
වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූයේ 51 හැවිරිදි පියා 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇති බවයි..
ගෙළ සිඳී මියගොස් සිටි කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරිනියක් වූ අතර පිළිස්සී මියගිය පුද්ගලයා ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපාරයක නිරතවූවෙකු බව පොලිසිය සඳහන් කළා..
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරුණා..
ඒ අනුව පිළිස්සී මියගිය පුද්ගලයා සිය බිරිඳගේ ගෙළ සිඳ ඝාතනය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා..
අනතුරුව උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය නිවසට පැමිණි පසු ඇය ද ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය ප්‍රකාශ කළා..
ඔහුගේ බිරිඳට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කලක පටන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා..
මූලික පොලිස් විමර්ශනවලින් තහවුරු කරගෙන ඇත්තේ, මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවයි..
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ කළ යුතු බව පොලිසිය ප්‍රකාශ කළා..
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24