2022 ජූනි 18, ප.ව. 8:45
දින 5කට පසු අද (18) පස්වරුවේ බණ්ඩාරගම සමූපකාර ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් තොගයක් ලැබී තිබි තිබෙනවා.
ඒ අනුව එම ඉන්ධන ලබා ගැනීම සඳහා විශාල පිරිසක් එම ඉන්ධනහල අසල පෝලිම්වල රැඳීසිටි අතර ඉන්ධන බෙදීම ඇරඹීමත් සමග එකවරම පිපිරීමක් සිදුවී තිබෙනවා.
ප්‍රදේශය දෙවනත් කරමින් සිදුවූ එම පිපිරීමත් සමග විදුලිය ද විසන්ධි වී තිබූ අතර ඉන් ජනතාව නොසන්සුන් වී ඇති බවයි වාර්තා වුණේ.
පසුව අනාවරණය වී තිබුණේ අසල පිහිටි ට්‍රාන්ස්ෆෝමරයේ කපුටෙක් ගැටීමෙන් ඇතිවූ දෝෂයකින් එම පිපිරීම සිදුව ඇති බවයි.
පසුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දෝෂය නිවරැදි කර යළි විදුලි සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඉන්ධන බෙදාහැරීමට පැය භාගයකට පමණ නවතා දැමීමට සිදු වී තිබෙනවා.
2025 මාර්තු 30, පෙ.ව. 12:06
2025 මාර්තු 30, පෙ.ව. 12:05
2025 මාර්තු 29, පෙ.ව. 7:34
2025 මාර්තු 29, පෙ.ව. 12:10
2025 මාර්තු 29, පෙ.ව. 12:09