2025 අප්‍රේල් 25, පෙ.ව. 12:20
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභා අපේක්ෂකයෙකු ද වන ඩෑන් ප්‍රියසාද් මරා දමා ඇත්තේ පාතාලයේ කොන්ත්‍රාත්තුවකට බව කියන පොලිසිය ඩෑන් ප්‍රියසාද් සහ බස්නාහිර පළාතේ පාතාල ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතර තිබූ අරගලයක් උත්සන්න වීම නිසා මෙම ඝාතනය සිදුකළේ ද යන සැකය ඔස්සේද විමර්ශන ඇරැඹූ බව පොලිසිය කියයි.
එමෙන් ම, කලකට පෙර මොහු ප්‍රසිද්ධියේ පාතාලයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ නම් ගම් කියමින් ඔවුන්ට එරෙහිව කරන ලද කතාවකට පළිගැනීමක් ලෙස ඩෑන් ප්‍රියසාද් කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළේ ද යන සැකය ඔස්සේ ද විමර්ශන අරඹා තිබේ. ඒ ඔහුට එම පාර්ශවවලින් තිබූ මරණ තර්ජන හේතුවෙනි.
කොළොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේදී ඉකුත් 22 වන දා රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මොහු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ අතර එහිදී ඔහු සැත්කමකට ද භාජන කෙරිණි.
පැය කිහිපයක් ගතවීමෙන් පසු ඔහු රෝහලේදී ම ජීවිතක්ෂයට පත්විණි.
වැල්ලම්පිටිය, සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ 6 වන මහලේ සිය නැගණියගේ නිවසේ පැවති අවුරුදු සාදයකට ඔහු සහභාගී වී තිබිණි. ඒ බිරිය සහ දරුවන්ද සමගිනි. සිය ඥාතීන් තිදෙනෙකු ද සමග මත්පැන් සාදයට සහභාගී වෙමින් සිටියදී හිස්වැසුම් පැළඳගත් තුවක්කුකරුවන් යතුරුපැදියකින් පැමිණ එම නිවාස සංකීර්ණයට ඇතුළුව මොහු ඉලක්ක කොට වෙඩි කිහිපයක් එල්ලකොට පළා ගොස් තිබිණි.
සැකකරුවන් පඩිපෙළ නැඟ නිවාස සංකීර්ණයට ඇතුළුවන ආකාරයත් වෙඩි ප්‍රහාරයෙන් පසු ඔවුන් පලායන ආකාරයත් ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි. මොහුට වෙඩි ප්‍රහාර හතක් එල්ල කර තිබේ.
සිද්ධිය සැලවීමත් සමග පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ අරඹා ඇත.
කෙසේ වෙතත්, ඩෑන් ප්‍රියසාද් පුද්ගලයන් තිදෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර වෙඩි ප්‍රහාරයකට මොහොතකට පෙර එක් පුද්ගලයෙකු එම ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.
ඔහු සමග මත්පැන් පානය කළ දෙදෙනා පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇතැයි කියති.
මීට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනකුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් නිලධාරියෙක් කීය.
නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් 2019 මැයි මාසයේ දිගන ප්‍රදේශයේ පැවති ජාතිවාදී ගැටුම්වලදී පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි. 2024 වසරේදී අරගලයේදී කැපී පෙනුණු චරිතයක් වූ ඔහුගේ සහෝදරයෙකු ද 2022 වර්ෂයේදී ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී නාඳුනන පුද්ගලයන් විසින් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබිණි.
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 25, පෙ.ව. 12:04
2025 අප්‍රේල් 24, ප.ව. 3:32
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:09
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25