hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:03



මේ වන විට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරෙන අතිශය ජනප්‍රිය සිනමා සිත්තමකි, “මදර් ලංකා”

චිත්‍රපටය මේ වෙද්දි, දින 50 පසුකරමින් සාර්ථක ගමනක් යනවා.

“මදර් ලංකා” සිනමාපටයත් එක්ක කවුරුත් වගේ ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන ගැන විශේෂයෙන්ම කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ, භාහිර ස්වරූපයෙන්ම වෙනස්ව ඔහු චිත්‍රපටයට එක්කළ සුවිශේෂී හැඩය නිසාවෙන්.

එය කෙතරම් සාර්ථක ද කියනවා නම්, ධනංජය අමතක වන තරමට ‘සත්‍යා’ රසික හදවත්වල ළැඟුම්ගෙන.

“මදර් ලංකා” කියූ හැටියේම මතක් වෙන්නෙ ‘අම්මා’

එතකොට ‘තාත්තා’ ගැන මෙහි කතා කරන්නේ නැද්ද… ඒ ප්‍රශ්නෙ ඔයාටත් ඇති. ඔන්න ඊට ධනංජය අපූරු උත්තරයක් දීලා තිබුණා.

ඒ, තමන්ගේ දූ මෞර්යාවත් මතක් කරනගමන්…

”මේක මදර් ලංකා වුණාට මේකෙ තාත්තලා ගැන කතා කරනවා. තාත්තව අතාරින්න බෑනෙ. මොකද අම්මා කියන්නෙ එක්තරා පදවියක්. ඇය අම්මා කෙනෙක් වෙන්නෙ තාත්තා කෙනෙක් හිටියොත්. නැත්නම් ඇයට තනියම අම්මා කෙනෙක් වෙන්න බෑනෙ. තනියම දරුවෙක් ඉපදෙන්නෙ නැති නිසා.

සත්‍යා කියන්නෙ මේ කන්සෙප්ට් එක ජෑම් කරන කැරැක්ටර් එක. අපි මෙච්චර කාලයක් අම්මා කියපු අම්මාව වෙන අර්ථකතනයකට ගෙන යනවනෙ සත්‍යා කියන එකෙන්.

තාත්තා කෙනෙක්ගෙ වර්ෂන් එකෙන් බැලුවොත්, තාත්තා ගැන මේකෙන් කියවෙනවා. මේක ඇතුළෙ තාත්තාව අපිට පේනවා. තාත්තා කොහොම වෙන්න ඕනිද කියන එක අපිට පේනවා. අපිට තාත්තෙක් පෙන්වන්නෙ නෑ මේ කතාව ඇතුළෙ, නමුත් අපිට තාත්තා කියන්නෙ මෙන්න මෙහෙම කෙනෙක් විය යුතුයි කියලා අපිට පෙන්වනවා.

මේ අපේ කතාව. අපි හැමෝගෙම කතාව.

මට දුවෙක් ඉන්නවා. ඒ දුව පිළිබඳව මගේ දැක්මක් තියෙනවා. මං ඇයට ආදරේ කරනවා. නමුත් ඇය ඉන්නෙ පුංචි කාලේ අම්මත් එක්ක. අම්මට තමයි එයා වැඩිපුර කිට්ටු. හැබැයි මගෙ යාළුවෝ ඇතුළෙ හැමෝම කියනවා, එයා ලොකු ළමයෙක් වුණ දවසට එයා මාව හොයාගෙන එයි කියලා.

මං ඉන්නවා මෞර්යා මං ළඟට එනකල්. නමුත් මෞර්යා මං ළඟට ආවත් නැතත්, මම මෞර්යා වෙනුවෙන් කරන්න ඕනි හැමදේම මගේ පැත්තෙන් කරනවා කියන ඒ දැඩි විශ්වාසය මං ළඟ තියෙනවා. මොකද මගේ ජීවිතේ තියන එකම ආදරේ මෞර්යා විතරයි.

ඇයට මගේ තියන ප්‍රේමය කොහොමද කියලා කියන්න මට වචන නෑ. ඇය මාව දකිනකොට ඇයගේ ශරීරයෙන් පිටවන රැස් වළල්ල මට පේනවා. ඇය උඩ පනින හැටි මට පේනවා. ඇගේ ඇස් දීප්තියෙන් බබළන හැටි මට පේනවා. තාත්තා සහ දුව අතර තියන ගනුදෙනුව හරි ප්‍රබලයි. ඒක අම්මා සහ දුව අතර තියන ගනුදෙනුවට වඩා වෙනස් ප්‍රබලත්වයක්….”

උපුටාගැනීම : Sithara Kaluarachchi සමඟ කළ කතාබහක් ඇසුරින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: