hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 7:13



ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා.

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසුවා.

එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසුවා.

එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: