hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 5:58



සිය දරුවන් දෙදෙනා පාළම මත තබා බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ මව සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබෙනවා.

පෙරේදා (26) පස්වරුවේ සිය දරු දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා අඩි 40 ක් පමණ උසක සිට ඇය ජලයට පැන ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැඳී සිටී ජල ක්‍රීඩාකරන තරුණයෙකු විසින් බේරාගෙන තිබෙන අතර දරුවන් දෙදෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කිරීමට නියමිතයි.

පාළමෙන් පැනීමට හේතුව ලෙස මේ වනවිට අනාවරණය වී ඇත්තේ කාන්තාව දරුවන් දෙදෙනා සමඟ සැමියා පදිංචි ඇල්පිටිය ප්‍රදේශයට යන අතරතුර සැමියා නැවත නිවසට නොපැමිණෙන ලෙස එම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී තිබීම බව පැවසෙනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: