hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 23, පෙ.ව. 12:06



මේ කියන්න යන්නේ තවත් හද කම්පා කරන තවත් එක් පුවතක් ගැනයි.. 

බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆෝර්ඩ් හි නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් සහ ඇගේ දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

29 හැවිරිදි බ්‍රයෝනි ගාවිත් සහ ඇගේ දියණිය වන අවුරුදු 09ක් වයසැති ඩෙනිස්ටි බර්ට්ල්, අවුරුදු 05ක් වයසැති පුතු ඔස්කාර් බර්ට්ල් සහ බාල දියණිය ඕබ්‍රී බර්ට්ල් මෙසේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 39 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගින්නෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ..

බටහිර යෝක්ෂයර් පොලිසියේ රහස් පරීක්ෂකයින් පැවසුවේ මූලික විමර්ශනවලින් ඇඟවෙන්නේ ගින්න හිතාමතාම සිදුකර ඇති බවයි..

එම නිවස අසල සිටි අසල්වැසියන් ප්‍රකාශ කරන්නේ එම නිවසින් අලුයම 1.45ට පමණ බිහිසුණු ගිනිදැල් ඇති වූ බවත් දරුවන්ගේ කෑ ගැසීම ඇසී පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන් බවයි..

මෙම දරුවන් තිදෙනාගෙන් බාලම දරුවා වන ඕබ්රි ඇගේ දෙවන උපන්දිනයෙන් සති හයකට පසු මෙම ඛේදනීය සිදුවීමට මුහුණ දුන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයම දැඩි කම්පිත තත්ත්වයට පත්ව ඇති අතර පුෂ්පෝහාර දක්වමින් හිත මිතුරන් මෙම ඛේදවාචකය පිළිබඳව සටහන් තබා ඇති අතර එයින් කිහිපයක් පහත දැක්වෙනවා…

“ස්වර්ගයේ විනෝද වන්න. අපට ඔබ නැතුව පාලුයි.”

“මගේ ලස්සන නැන්දාට සහ කුඩා ඥාති සහෝදරියන්ට RIP කරන්න. මම ඔබ සැමට, මේ මුළු ලෝකයටම සහ තවත් බොහෝ දේට ආදරෙයි. මගේ ලස්සන දේවදූතයන් මට සදහටම ඔබ නැතුව පාලුයි”

“මා කෙතරම් හද කම්පා වී ඇත්දැයි මට වචනවලින් කිව නොහැක! මගේ හොඳම මිතුරා, මගේ සහෝදරිය! ඔයා මගේ ජීවිතේට ගෙනාපු ආදරය, හිනාව, සතුට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ ලස්සන බබාලා තුන්දෙනාට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: