hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 9:51



අසල්වැසි නිවසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි දෙදරු මවක්.

ඇය පොළොන්නරුව, කදුරුවෙල පදිංචිකාරිනියක්.

ඇය මෙම අනතුරට ලක්ව තිබුණේ සැප්තැම්බර් 17 වනදායි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ මොළයේ ක්‍රියාකාරීත්වය නතර වී ඇතැයි වෛද්‍යවරු පවසනවා.

ඇයගේ වකුගඩු සහ අක්මාව වැනි ශරීර අවයව තවත් රෝගීන් තිදෙනෙකුගේ ජීවිත බේරා ගැනීම සඳහා පරිත්‍යාග කළ හැකි බව වෛද්‍යවරුන් විසින් රෝගියාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇයගේ වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කිරීමට ඔවුන් එකඟත්වය පළ කර තිබෙනවා.