2024 අගෝස්තු 28, පෙ.ව. 12:04
මේ කතාව ගැන අදටත් බොහෝ දෙනා සංවේදීයි..
කිසිවෙක් නොසිතන අවස්තාවකදී තමන් ආදරය කළ තිදෙනාගේම ජීවිත බිලිවෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති…
ඒත් ඉතින් අවසානයේ දැන් ඔහු මේ ලෝකේ තනිවෙලා.. මේ කියන්න යන්නේ ඉබ්බාගමුව, බෝගමුව, පේරහේනවත්ත ප්‍රදේශයෙන් ගලා යන දැදුරු ඔයේ පෙරේදා දියනෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් මරණයට පත් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මියගිය කාන්තාවගේ සැමියා වන ප්‍රේමචන්ද්‍ර කී කතාවයි…
“මම කඩේට ගිහින් ගෙදර ඇවිත් බලනවිට බිරියයි දරුවෝ දෙන්නයි පේන්න හිටියේ නැහැ. ඒ නිසා ඔවුන් ඔයට නාන්න යන්න ඇති කියා හිතලා බලන්න ගියාම නාන ස්ථානයේ ඇඳුම් විතරක් තිබුණා. තුන්දෙනාම පේන්න හිටියේ නැහැ. ටික වේලාවක් හොයලා බලනකොට ලොකු පුතාගේ සිරුර ඔය අයිනේ පඳුරක හිරවෙලා තිබිලා මට හම්බ වුණා“.
ඉබ්බාගමුව, පේරහේනවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වත්තක මුරකරුවකු ලෙස සේවය කළ සාක්ෂිකරුගේ විවාහක බිරිය වන දෝන පියුමිකා මධුෂාණි සහ පුතුන් දෙදෙනා වන පහන් පන්සිළු සම්පත් සහ කාලිංග උදාර පියුමාල් සම්පත් මෙසේ මරණයට පත්වුණා..
ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.එස්.එල්. දහනක මහතා ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණු අතර, මොවුන් අතරින් නව හැවිරිදි වැඩිමල් දරුවාගේ සිරුර දැදුරු ඔයේ ඉවුරේ තිබෙන පඳුරක සිරවී තිබියදී පෙරේදා දහවල් ප්‍රදේශවාසීන් විසින් මුලින්ම සොයාගෙන තිබූ අතර අනෙක් දෙදෙනාගේ සිරුරු පෙරේදා පස්වරුවේ සහ ඊයේ උදෑසන ඒ ආසන්නයේම තිබී සොයාගෙන තිබුණා…
මරණයට පත්ව සිටින වැඩිමල් දරුවා විශේෂ අවශ්‍යතා සහිතව ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර අනෙක් දරුවා පෙර පාසලක ඉගෙනුම ලැබුවා…
දරුවන්ගේ පියා සේවය කරන වත්තේ තිබෙන ළිඳ අපවිත්‍රව තිබීම හේතුවෙන් දිය නෑමට මියගිය තිදෙනා ඔවුන් වෙසෙන වත්ත ආසන්නයෙන්ම ගලා බසින දැදුරු ඔයේ සුපුරුදු පරිදි දියනෑමට ඊයේ පෙරවරුවේ ගොස් තිබූ අතර මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ පවතින අධික ජල පහරට හසුව දියේ ගිලී ගසාගෙන ගොස් මරණයට පත්ව ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ..
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
“මම බිරියත් දරුවනුත් සමඟ මේ වත්තේ රැකියාවට ඇවිත් මේ වනවිට අවුරුද්දක්. මේ නිසා දරුවෝ දෙන්නත් මේ ප්‍රදේශයේම පාසල්වලට ඇතුළත් කර සිටියා.. මම පෙරේදා උදේ දහයට විතර ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගේන්න යකල්ල හන්දියට ගියා.. ආපසු ආවාම බිරියයි දරුවොයි පේන්න හිටියේ නැති නිසා මම සිතුවා ඔවුන් අනිවාර්යයෙන්ම දැදුරු ඔයේ නාන්න යන්න ඇති කියලා.. ටික වෙලාවකට පසුව වත්ත ආසන්නයේ පදිංචි නැන්දා කෙනෙක් ඇවිත් මට කීවා ඔයේ නාන මංකඩේ බිරියගෙයි දරුවන්ගෙයි ඇඳුම් තිබෙනවා හැබැයි කවුරුත් පේන්න නැහැ කියලා..
ඒ නාන මංකඩේ අපටම කියලා නාන්න හදාගත්ත තැනක් නිසා මට සැකයක් ආවා එයාලා වතුරට වැටිලාවත් ද කියලා.. ඒ නිසා මම බයෙන් දුවගෙන ගිහින් ඔය අවට පරික්ෂා කර බලන විට දැක්කා ලොකු පුතා ඔය අයිනේ පඳුරක හිරවෙලා ඉන්නවා.. ඉක්මනින් එයා අතට අරගෙන බැලුවත් හුස්ම වැටුණේ නැහැ.. මම හයියෙන් කෑගැහුවා.. එතකොටම මේ ආරංචිය දැනගෙන අවට ගම්වල කට්ටිය ඇවිත් අතුරුදන් වෙලා හිටිය බිරියයි පුංචි පුතයි සොයන්න ගත්තා..
මේ අනතුර දැනගෙන මගේ සහෝදරයොත් ඇවිත් ගමේ අයත් එක්ක එකතු වෙලා ඔවුන් හොයන්න මහන්සි වුණා.. හවස් වරුවේ චූටි පුතාගේ සිරුර ඒ ආසන්නයේම තිබිලා හමුවුණා.. බිරියගේ සිරුර පසුවදා උදේ නාන මංකඩ ආසන්නයේම තිබිලා හමු වුණා..
මේ දවස්වල අපි ඉන්න පැත්තට වැස්ස පැවතුණු නිසා දැදුරු ඔයේ වතුර වැඩි වෙලා තිබුණා. ඒ නිසා ඔයේ දිය නෑම අනතුරුදායක තත්ත්වයක තිබුණා. නමුත් බිරිය ඒ ගැන නොසලකා පුරුදු විදිහටම දරුවොත් එක්ක නාන්න යන්න ඇති.. මම ගෙදර හිටියානම් නාන්න යන්න දෙන්නේ නැහැ”
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25