hit counter

2025 දෙසැම්‍බර් මස 24 වන බදාදා

2025 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:15



පහුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියකි, දේශානි නෙහාරා.

දේශානි සිය ප්‍රේම සබඳතාවයෙන් ඉවත් වුණු බව ප්‍රසිද්ධියේම කියලා තිබුණා.

කවුරුත් දන්නා පරිදි, දේශානි නෙහාරා පෙම් සබඳතාවක් පැවැත්වූයේ ජනප්‍රිය රංගන ශිල්පි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි එක්ක.

ඔවුන් සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වන යුවළක් බවට පත්වෙනවා. ඒ කාල සීමාව තුළ සම්මාන උළෙලවලදීත් ප්‍රසිද්ධ කලා කටයුතුවලදීත් දේශානි – ඉසුරු යුවළ කැපී පෙනුණා.

ගුවන් සේවිකාවක් හැටියට රැකියාව කළ දේශානි, පසුකාලීනව කලාවට මුල් තැන දීලා රැකියාවෙන් ඉවත් වෙන්නත් කටයුතු කරලා තිබුණා.

කොහොම නමුත් මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කරමින්, දේශානි දිගු සටහනක් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කරන්නේ තමන් ප්‍රේම සබඳතාවයෙන් ඉවත් වුණු බව සඳහන් කරමින්.

ඒ වගේම අනෙක් පාර්ශ්වයට බොහෝ චෝදනා එල්ල කරලත් තිබුණා.

දේශානි එතැනදී විශේෂ කරලා තිබුණු එක් කාරණාවක් තමයි,

”අපි කවුරුත් අවංකව ආදරය කරද්දි අන්ධ වෙනවනේ… මටත් වුණේ ඒකයි….” කියන කතාව.

ඇය සිය සටහනත් එක්ක සමාජ මාධ්‍යයට එක්කර තිබූ ඡායාරූපයත් වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.

මේ විදියට තමන් එක්ක සමාජ මාධ්‍ය තුළිනුත් පෞද්ගලිකවත් කතා කරන දුක සැප හොයලා බලන කාටත් දේශානි ස්තුතිවන්ත වෙන්නත් අමතක කරලා නෑ…..

”ස්තුතියි මට කතා කරපු හැම දෙනාටම…. මගේ දුක සැප හොයලා බැලුවට….. හිතා ගන්න බැරි තරම් මට comment කරලා තිබුනා message කරලා තිබුනා…. ආදරෙයි ඒ හැමෝටම”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: