hit counter

2025 ජූනි මස 14 වන සෙනසුරාදා

2025 ජූනි 14, පෙ.ව. 12:09



මේ දවස්වල ජනප්‍රියම තරු යුවළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – දේශානි නෙහාරා කිව්වාට වැරදි නෑ.

සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඒ දෙන්නා.

දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි.

ඔවුන්ගේ ආදර කතාවත් එක්කම දෙන්නගෙ වයස් පරතරය ගැනත් බොහෝදෙනා කතාබහ කරලා තිබුණා.

ඒ විතරක් නෙවෙයි, ‘ආදරේට වයස ප්‍රශ්නයක් ද’ කියන කාරණය ගැන ඉසුරුගෙන් සෘජුවම අහලත් තිබුණා.

ඊට ඉසුරු නම් දීලා තිබුණෙ තරමක සැර උත්තරයක්…..

”මට නම් ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ.

මට කිසිම ප්‍රශ්නයක් නෑ. අපෙ ලංකාවේ හැමෝටම එහෙමයි.

කරුණාකරලා අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව, තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න.

අපේ දේවල් හොයන්න ඕනි නම් චිත්‍රපට තියෙනවා ඒවා බලන්න එන්න….”