2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 9:14
නිවේදකයෙකු මෙන් ම රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන සිය දියණිය සම්බන්ධයෙන් සිදු කලා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ධනංජය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම සම්පුර්ණ සටහන පහතින්,
කාරුණික මතක් කිරීමයි..
මගේ පෞද්ගලික ජීවිතයා අලලා විකෘති ප්‍රවෘත්තියක් ඡායාරූප සහ ඇනිමේෂන් භාවිතා කොට එක්තරා youtube නාලිකාවක කතන්දරයක් නිර්මාණය කර ඇත.
(කුණු රසය ප්‍රිය කරන අය එම නාලිකාව හොයාගෙන ඒ කතන්දරය ඇසුවාට කමක් නැත. එතුළින් එම youtube නාලිකාවේ අයිතිකරුවන්ගේ දරුවන්ද ආහාර වේලක් හෝ ලබා ගනී යයි සිතමි)
නමුත් එම ප්‍රවෘත්තිය යැයි සඳහන් කරන ගොසිප් එකේ කිසිදු පදනමක් නැති අතර එය විකෘති මනසකින් ගොතන ලද කතාවක් බව මතක් කර දෙමි.
මෞර්යා සමාජ ජාලාවල නොපෙන්වා සිටීමට මම තීරණය කළේ මීට කාලයකට පෙරය. එසේ කිරීමට හේතුව ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටය. සහ ඇයගෙන් මා හට හෝ මාගෙන් ඇයට ජනප්‍රියත්වයක් බලාපොරොත්තු නොවන නිසාය. එම නිසා මාගේ පෞද්ගලික ජීවිතය කුණු රසැති කතන්දරයක් බවට නිර්මාණය කර භාවිතා නොකරන මෙන් මාගේ දියණිය වෙනුවෙන් ඉතා කාරුණිකව හා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
විකෘතිය රසවත් ඇති ඒත් එම රසය කුණු රසය බව මතක් කර දෙමි..
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:26
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25