hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 09, පෙ.ව. 12:04



ඔහු ප්‍රේමවන්තයකු ලෙස පළමු අත්දැකීම ලබන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන See You ටෙලි නිර්මාණයේ විරාන් හරහාය.

මෙතෙක් විලන්ගේ චරිතයටම කොටු වී සිටි ඔහු See You හරහා ප්‍රේක්ෂකයා වෙනස්ම මානයකට ගෙන යෑමට සමත් වී තිබේ.

මන බඳිනා කඩවසම් රුව මෙන්ම ඔහුටම ආවේණික කතා විලාසය ඔහු වෙත ගෙන එන්නේ ආකර්ෂණීය බවකි.

වයස් භේදයකින් තොරව මේ දිනවල ප්‍රේක්ෂක ආදරය විඳින ඔහු දර්ශන් තවරාජාය.

දර්ශන් කියන්නෙ දැන් සිංහල ටෙලි නාට්‍ය කලාවටත් නැතුවම බැරි කෙනෙක්. මේ ආව ගමන් මඟ ගැන කියනවනම්?

ශක්ති ටීවී එක තමයි මගේ ආරම්භය. අවුරුදු 8ක් මං වැඩ කළේ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට් විදිහට. නිව්ස් රීඩින් ඇරෙන්න ඇක්ටින්, ප්‍රසන්ටින් මේ හැමදේම එතැනදි කළා. එපිසෝඩ් 15ක් වගේ දිවෙන ටැමිල් ටෙලි ඩ්‍රාමා 8කට විතර රංගනයෙන් දායක වුණා. ටෙලි ෆිල්ම්වල ප්‍රධාන චරිත කළා. ඒ අතරේ මට සිංහල ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිරංජනී ශම්මුගරාජා නිසා. ඇය මට දවසක් කෝල් කරල කිව්වා තිලිණ බොරලැස්සගේ සිංහල ටෙලි ඩ්‍රාමා එකක ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා. ගිහින් බලන්න කියලා. ඒ විදිහට තමයි මට හිතුවක්කාර ටෙලි නිර්මාණයේ විලන් කැරැක්ටර් එකට සම්බන්ධ වෙන්න ලැබු‍ෙණ. ඊට පස්සේ ඔහුගේම ශක්ති ටෙලි නිර්මාණය. See You කියන්නෙ මගේ තුන්වැනි අත්දැකීම. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. See You කරන අතරෙත් සිනමාවට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ආවා. ඒත් මං ඒක අත්හැරියා. ගොඩක් වැඩ පටලවා ගත්තොත් කරන වැඩේට සම්පූර්ණයෙන්ම ෆෝකස් වෙන්න බැරි වෙනවා.

ඔබ සිංහල භාෂාව හසුරුවන විදිහෙත් අමුතු කලාවක් තියෙනවා. භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ස්ක්‍රිප්ට් එක කියවලා, අනෙක් අය කතා කරද්දි අහන් ඉඳලා ටික ටික ප්‍රැක්ටිස් වෙලා දැන් මට ටික ටික සිංහල පුළුවන්. ගොඩක් දෙනා මට කියනවා ඔය විදිහටම කතා කරන්න, හොඳටම සිංහල පුරුදු වුණොත් ඔයාගෙ යුනික්නස් එක නැති වේවි කියලා. මමත් ආසයි ඒකට. තිළිණ අයියගේ හිතුවක්කාර ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙද්දි මට සිංහල වචනයක්වත් බෑ. ඔඩිෂන් එකේදි ටැමිල් ටෙලි ඩ්‍රාමා එකක විලන් කැරැක්ටර් එකක් දැකලා ඔයාව තමයි මට ඕන කියලා ඔහු මාව තෝරගත්තා. මට සිංහල බෑ කිව්වම බය වෙන්න එපා මං සපෝට් කරන්නම් කියලා ඔහු එදා මාව සිලෙක්ට් කරගත්තා. ඊට කලින් සිංහල ටෙලි ඩ්‍රාමා ඔඩිෂන් එකකදි මාව රිජෙක්ට් වුණේ සිංහල බැරි නිසා. එදා තමයි මට සිංහල පුරුදු වෙන්න ඕන කියන සිතුවිල්ල තදින්ම දැනුණේ.

හිතුවක්කාර නිසා රස්සාවත් නැතිකර ගත්තලු නේද?

ඔව්. ඒකට සම්බන්ධ වෙන්න ආයතනයෙන් මට අවසර ලැබුණෙ නැහැ. මට මගේ හීනවලට යන්න ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. ඒත් තිළිණ අයියා කිව්වා මේකෙන් පස්සෙ වෙන චාන්ස් ලැබේවි කියල මට කියන්නත් බෑ. මගේ ඊළඟ එකට ඔයාව ගන්නවම කියල මට පොරොන්දු වෙන්නත් බෑ, ඒ නිසා ඔයා රිස්ක් එකක් ගන්න එපා. ආයිම වැඩක් කළොත් අනිවාර්යයෙන් හමුවෙමු කියලා. ඔයාට මාව ඕන කිව්වනේ. ඔයාගෙ ඊළඟ එකට මාව ගන්න කියන්නෙත් නෑ, ඔයා නිසා මගේ රස්සාව නැතිවුණා කියල මං කවදාවත් කියන්නෙත් නෑ. මං මේ රිස්ක් එක ගන්නෙ මගේ කැමැත්තෙන් මගේ හීනෙට යන්න මට වැඩ කරන්න ඕන නිසා කියලා මං කිව්වා. එ්කේ මට තිබුණේ දවස් හතරක ෂූට් එකක්. දවස් හතරක් වෙනුවෙන් තමයි මං මගේ අවුරුදු 8ක රැකියාව අත්හැරියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: