hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 30, ප.ව. 12:00



සමාජ මාධ්‍ය කියලා කියන්නේ ගොඩක් දෙනෙක් පරිශීලනය කරන මෙවලමක්.

ගොඩක් දෙනෙක් දැන් තොරතුරු හුවමාරු කර ගන්නේ වගේම දැන ගන්නෙත් සමාජ මාධ්‍ය තුලින්.

හැබැයි ඉතින් ඒවායේ නිරවද්‍යතාවය ගැන පොඩි ගැටලුවක් තියෙනවා.

අද කියන්න යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රියත්වය පත් කෙනෙක් ගැන.

“කොණ්ඩේ හදන ලස්සන ටීචර්” කියන නම ඔබට මතක ඇති.

ඇයගේ නම දිල්හාරා සමරනායක.

ඇය සංයුක්ත ගණිත ගුරුවරියක්.

ඇය මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් ආදරය දිනා ගත්තේ ඇයගේ සුරූපීභාවය නිසාම වෙන්න ඇති.

ඉතින් මේ ගුරුවරිය පසුගිය දවසක යූටියුබ් නාළිකාවක සාකච්ජාවකට එක්වෙමින් සිය අදහස් මෙසේ දක්වා සිටියා,

“ඒවෙලවල් පළවෙනි පාර ෆේල්. දෙවැනි පාර මෑත්ස්වලට ඒ අරන් කැම්පස් ගියේ. මැත්ස්වලට ගොඩාක් කැමති නිසා අනිත් දේවල් ගොඩක් කෙරුණේ නෑ. අපේ ආච්චි නැතිවුණා. මම මළගෙදර උඩින් පන්ති ගිහින් තියෙනවා. එක එක අය කතා කිව්වා. මම කියන් නෑ මම ලස්සනයි කියලා. මට කියලා තියෙනවා, බාහිර පෙනුම දැකලා ටියුෂන් නෙවෙයි, වෙන මොනාටහරි යන්න පුළුවන් කියලා. මං හැමෝටම එක වගේ. මගේ ඩියුටි එකේ වෙලාවට මම එහෙම කරනවා. දරුවොන්ට ගහලාත් තියෙනවා. ඒ ගහන්නෙ කේන්තියෙන් නෙවෙයි. තරහක් එහෙම නෙවෙයි. මකන එකෙන් තට්ටු කරනවා. ලස්සනට ඇඳලා එන කොල්ලො හුණු නාගෙන ක්ලාස් එකෙන් යන්නේ.”