2023 ඔක්තෝබර් 04, පෙ.ව. 12:08
පින්පාට උඩරට මනාලියක්ගේ සුන්දර රුවක් ළඟ අපේ ඇස් නතර වුණා. නතර වුණා නෙවෙයි නතර කළා. ඒ තරමට ඒ රූපය හැඩකාරයි.
කොණ්ඩෙ දිග දිලිනි කවුරුත් ඈව හඳුනන්නේ එහෙම.
කලක් තිරයේ හැඩකාරිය වුණු ඇය නිතර නිතර දකින්න නොලැබුණත්, ඒ රූපය අමතක වෙන එකක් නම් නෙවෙයි.
ඉතින් අපි ඈ ගැන කතාබහ පටන් ගත්තෙම ඇගේ ජීවිතේ නව ආරම්භයක් ගැන කියන්න.
ඒ ඇය සුන්දර උඩරට මනාලියක්ව විවාහ ජීවිතයට පිවිසි විත්තිය.
එහෙම රුවැත්තියකගෙ අතගත් ඔහු සැබෑම වාසනාවන්තයෙක් බව නොකියා කොහොමද…
”චරිත් වඩුගේ තමයි මගේ සැමියා, ඔහුගේ ස්ථිර පදිංචිය නවසීලන්තයේ. ඔහු ජීවත් වෙන්නේ එහේ. අපි දෙන්නගේ ආදර සම්බන්ධය ඇති වුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා. මුලින්ම අපි මිතුරෝ. පසුව ඒ මිත්‍රත්වය තමයි ආදරයකට පෙරළුණේ. අපේ සම්බන්ධතාවට දැන් වසර දෙකහමාරක් පමණ වෙනවා. ඉතිං අවසානයේ අපි තීරණය කළා එක වහලක් යටට එන්න…”
දිලිනි කියන්නෙ කවදත් හරි හිමින් සාර්ථක ගමනක් ආව රංගන ශිල්පිනියක්. විවාහය ගැන වුණත් කල් තියා ප්‍රසිද්ධ කිරීම් කරලා තිබුණෙ නෑ ඇය…
”….මගේ වෘත්තීය ජීවිතය රංගනය. ඒක වෙනම පැත්තක්, මගේ පෞද්ගලික ජීවිතය ඇතුළේ ගන්න තීන්දු තීරණ වෙනම පැත්තක්. ඉතිං ඒ හැමදේම එක්ක නිවැරදි තීරණයක් නිවැරදි මොහොතේ ගත්තට පස්සේ එතැනින් එහාට ඒ ගැන කියන එක කිසිම ගැටලුවක් නොවෙයි.මොකද මේ වෙද්දි මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තිබෙන නිසා.ඉතිං ඒ තැනට එනකම් මගේ සැමියයි මමයි ඒ දේවල් පොඩ්ඩක් තියාගෙන හිටියා.මොකද ඒක පෞද්ගලික ජීවිතයේ කාරණාවක් නිසා…”
සැමියා විදෙස් රටක පදිංචි අයෙක් වීම නිසාම දිලිනිව ආයෙම අපිට නිර්මාණ ඔස්සේ දැකගන්න ලැබේවිද කියන ප්රශ්නය ඇයට ආදරය කරන කාටත් ඇති…
”….රංගනය කියන්නේ මගේ වෘත්තිය. ඒත් එක්කම මේ ආරම්භ කරපු පවුල් ජීවිතය සාර්ථක කරගන්නටත් අවශ්‍යයි. ඉතිං ඔය දෙකම සමබරව තබාගන්න පුළුවන් විධියට වැඩ කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක ඉදිරියේදී තීරණය වෙයි. දැනට කලාවෙන් සමුගන්න අදහසක් නැහැ. ඇත්තටම මම රංගනයෙන් සමුගන්නවට මගේ සැමියා කැමැති නැහැ. ඔහු කියන්නේ මට පවුල් ජීවිතය හා රංගනය කියන දෙකම කළමනාකරණය කරගන්න හැකියාවක් තිබෙනවා නම් ඒ දෙකම සමබරව කරගෙන ගියාට කමක් නැහැ කියන දේ. නමුත් ඔහු නවසීලන්තයේ මම ලංකාවේ එහෙම වුණොත් මට ඒ දෙකම නිසියාකාරව කරගන්න වෙන්නේ නැහැ.ඉතිං ඒ පිළිබඳව හරි සැලසුමක් හදලා ඒ දේවල් කොහොමද කරන්නේ කියන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24