hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 26, පෙ.ව. 12:04



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණයක් ස්වාධින රූපවාහිනියේ විකාශය වන Take Care කියන්නේ.

එහි මේනකාට ජිවය දෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද්.

දිනක්ෂිගේ මෙතෙක් නොදුටු වෙනස්ම රංගනයක් සහිත චරිතයක්.

පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් දිනක්ෂි මෙසේ අදහස් දක්වා තිබෙනවා.

කොහොමද මේනකාට ලැබෙන ප්‍රතිචාර?

මම හිතුවටත් වැඩිය හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයින් මාව ඒ වගේ චරිතවලින් දැකලා නැති හින්දා වෙන්න ඇති කියලා.

පළවෙනි වතාවටද මේ වගේ චරිතයක් කරන්නේ?

මීට කලින් මම වෙබ් සීරියස් එකකට මේ වගේ චරිතයක් කළා. “එක වහලක් යට” ඒ මේ චරිතයම නෙවෙයි නමුත් ඒ හා සමාන ගති පැවතුම් තියෙන චරිතයක්. රූපවාහිනියේ විකාශය වන චරිත ගත්තම මේනකා කියන්නේ මෑත කාලයේ කරපු වෙනස්ම චරිතයක්.

මේනකා කියන චරිතය බවට පත් වුණේ කොහොමද?

මම කවදාවත් රංගනයට සීමා දාගෙන නැහැ. ඒ වුණාට මාව මේ වගේ චරිතවලට මින් පෙර කාස්ට් වුණේ නැහැ. අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට හිතෙන්න එපැයි මට කරන්න පුළුවන් කියලා. නමුත් අනුෂ්ක රසාංජන ද සිල්වා කියන මල්ලි මේ ක්ෂේත්‍රයට අලුතින් එකතුවෙන කෙනෙක්. එයා තමයි “එක වහලක් යට” නිර්මාණයත් කළේ. එයා තමයි මට මේ චරිතය කරන්න ආරාධනා කළේ. එයා කලින් මා එක්ක වැඩක් කරලා තිබුණ නිසා හිතෙන්න ඇති මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මත තමයි මට මේනකා කියන චරිතයට ආරාධනා කළේ. මමත් ආසයි විවිධ චරිත කරන්න. නැත්නම් පහුගිය කාලේ ඒකාකාරි චරිතවලට කොටුවෙලානේ හිටියේ. ඒ නිසා මේ වගේ වෙනස් චරිතයක් ලැබුණු නිසා ආසාවෙන් කරන්න හිතුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: