2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
වසරේ ජනප්‍රියම නිළිය දිනක්ෂිද? දුෂේනි ද?
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අපි ආදරය කරන නිර්මාණ, නළු නිළියන්ට සම්මානයක් ලැබෙන එක ලොකු ගැම්මක්. නළුවෙක්ගේ නිළියෙක්ගේ අධ්‍යක්ෂවරයෙක්ගේ අතේ තියෙන සම්මානයක් කියන්නේ ප්‍රේකෂකයාගේ හිතේ තියෙන ආදරයේ හා අසීමිත ගෞරවයේ පිළිබිඹුවකට.
2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිමාවෙනකොට ඒ වගේ අපි ආදරය කරන නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුගේ අතට සම්මාන ඇවිත් තිබුණා. ඒ අතර හොඳම නළුවාට හිමි සම්මානය ප්‍රියන්ත සිරිකුමාර කියන යුගයේ විශිෂ්ට රංගවේදියාගේ අතේ තියෙනකොට දැනෙන සතුට අප්‍රමාණයි. ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම්.
ඒ වගේම මෑතකාලීනව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආදරය කරන සියලු දෙනාගෙම හිත්වල බලාපොරොත්තුවේ ලකුණක් වුණු තරින්දි ප්‍රනාන්දු වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. මං හිතන්නේ ඒ සම්මානයට ඇය සුදුසුද කියලා ඇහුවොත් අත් දෙකම උස්සන ප්‍රේකෂකයින් පිරිසක් ඇය වටේ එකතු වෙලා තියෙනවා.
ඒවගේම සුසුම් රස්තියාදුව, වියළි, බැක් සයිඩ්, ටේක් කෙයාර්, මීයා වගේ සුපිරි නිර්මාණ කිහිපයක් අතර විශිෂ්ඨතම සම්මානය දිනාගත්තේ ‘වියළි’.
සම්මාන උළෙලකදි අපි ආදරයකරන නිර්මාණ එහෙම සම්මානිත වෙනකොට අපිට ඒක හරිම සාධාරණ විනිශ්චයක් විදියට පේන්න ගන්නව වගේම අපි ආදරය කරන අයට සම්මාන අහිමි වෙනකොට ඒ සම්මානය අසාධාරණයි කියලා දැනෙනවා. ඒ විදියට අපේ හිතේ තියෙන ආදාරයට අභියෝගයක් එල්ල වුණේ ජනප්‍රියම සම්මානයේ දී.
මෙවර රයිගම් ටෙලීස් ජනප්‍රියම සම්මානය ඇත්තටම විවාදයට හේතුවුණේ මේ නිසා. උද්ධික ප්‍රේමරත්නට ජනප්‍රියම නළුවා හිමිවීමේත් සැලකිය යුතු අවුලක් තිබුණත් මේ වන විට වැඩියෙන්ම කතා වෙන්නේ ජනප්‍රියම සම්මානය දිනක්ෂි ප්‍රියසාද්ට හිමි වීම.
දිනක්ෂි ගැන කතා කරන්න කලින් උද්ධිකට ගියොත් උද්ධික කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක් කියන එක අවිවාදාත්මකයි. ඒත් මේවන විට ජනප්‍රියම නළුවා උද්ධික ද ? නැත්නම් සාරංග ද කියන කාරණයේ දී කියන්න වෙන්නේ දෙන්නම නෙවෙයි කියලා.
මං හිතන්නේ දේශපාලනය කියන මඩගොහරුවට බැස්සට පස්සේ උද්ධික කියන කලාකරුවා මියගියා. ඔහුට තිබුණ ජනප්‍රසාදය අහිමි වුණා. ඉතින් උද්ධික ජනප්‍රියම නළුවා වුණු එකේ ප්‍රශ්ණයක් තියෙනවා. සාරංගට දෙවැනියා හිමිවීම ප්‍රශ්ණයක් වෙන්නේ සජිත ඇන්තනි, රන්දික ගුණතලික, කුසල් මධුරංග වගේ මිනිස්සුන්ගේ හිත්වලට ළඟ අලුත් පුරුක් කිහිපයක්ම මේ වෙද්දි ක්ෂේත්‍රයේ ඉන්න නිසා.
දිනක්ෂි සහ දුෂේනි අතර ජනප්‍රියම නිළියට ඇත්තටම තරගයක් තිබුණේ නැති තරම්. පිරිමි ළමයි, ටේක් කෙයාර් වගේ නිර්මාණ කිහිපයක් නිසා දිනක්ෂිට විශාල අවධානයක් හිමිවුණා. ඒක ඇත්ත. ඒත් අවධානය කියන්නේ ආකර්ශනය කියන එක නෙවෙයි. හැබැයි දුෂේනිට පුදුම තරම් ජනතා ආකර්ෂනයක් තියෙනවා වගේම අවසානය වනතුරු රයිගම් සම්මානවල ජනතාවගේ මනාපවලින් පෙරමුණේ පසුවනේ ඇය.
ඉතින් කොට්ට උරයක් කණපිට ගහනවා වගේ සම්මානය ලැබෙනකොට ඒ දිනක්ෂි කියලා දැනගත්තම ප්‍රේක්ෂක අපි වුණත් කන්ෆියුස් වෙන එක සාධාරණයි. සමාජ මාධ්‍යවල කමෙන්ට්ස් සෙක්ෂන්වලට අනුව නම් මේ වනකොටත් ජනප්‍රියම නිළිය වෙන්න ඕන දුෂේනි. ඒත් අවාසනාවට රයිගම් ජනප්‍රියම සම්මාන දෙන්නේ මිනිස්සුන්ගේ මනාපවලින් මිසක් කමෙන්ට්ස් සෙක්ෂන්වල කමෙන්ට් බලලා නෙවෙයි.
මේ ගැන අපේ මත විවේචන මොනව වුණත් දැන් සම්මාන ලැබිලා ඉවරයි. ඉතින් දුක සහ සතුට සම සිතින් දරාගෙන සම්මාන ලැබුණු හැමෝටම උත්තමාචාරය පිරිනමන්න විතරයි අපට පුළුවන් වෙන්නේ.
2025 අප්‍රේල් 03, පෙ.ව. 12:11
2025 අප්‍රේල් 03, පෙ.ව. 12:04
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
03-04-25
03-04-25
03-04-25
03-04-25
03-04-25
03-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25