hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 29, පෙ.ව. 4:55



සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්.

මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්.

ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

දිනක්ෂි කියන්නේ නිරන්තරයෙන් අලංකාර විලාසිතාවලින් සැරසෙන රංගන ශිල්පිනියක්.

ඒ නිසාම ඇගේ විලාසිතා ගැන ප්‍රේක්ෂයකයන් අවදානයෙන් ඉන්නේ.

දිනක්ෂි පසුගිය දිනෙක සාදයකට ගියේ ටිකක් අමුතු විලාසිතාවකින් සැරසිලා.

ඉරුණු ඩෙනිම් කලිසම් අඳින එක දැන් ජනප්‍රියයි.

ඒත් දිනක්ෂිගේ මේ විලාසිතාව ටිකක් අමුතුයි.

ඒ සාමාන්‍ය ප්‍රමාණයටත් එහා ඉරුණු නිසා වෙන්න ඇති.