hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 30, ප.ව. 1:27



දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්‍යක්ෂවරයෙක්.

“දැනෙනාතුරු මා” ගීතයෙන් රසිකයන් අතර ජනප්‍රිය වුණු ඔහු මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක ගායන ශිල්පීන් බොහෝමයකගේ ගීතවල තනු නිර්මාණ කර හමාරයි.

ඉතා කෙටි කලකින් තම නිර්මාණ හැකියා විදහා පෑ මේ තරුණයා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්, වෙරළු මල් ආදී ගීතාවලි හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු මේ දවස් වල ප්‍රසංග ගණනාවකින්ම රසිකයන් අතරට එනවා.

පසුගිය කාලසීමාව පුරාවටම දිනේෂ් ගැන බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා බහ කරන්න පටන් ගත්තේ ඔහුගේ අනාගතයේ අත ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය පෙම්වතිය ගැන විවිධ දේවල් සමාජ මාධ්‍ය පුරාවට ප්‍රචාරය වූ නිසයි.

ඉතින් දිනේෂ්ගේ හොඳම යාළුවා තමයි දක්ෂ රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද්.

නමුත් ගොඩක් දෙනෙක් කියන්නේ ශනුද්‍රි කියන්නේ ඔහුගේ ආදරණීය පෙම්වතිය කියලයි.

ඒ වගේම ආරංචි වෙන්නේ දිනේෂ් බඳින්න යන්නෙත් කලා පවුලක කෙනෙක් කියන දේ.

ඉතින් මේ විවිධ අනුමාන කිරීම් විවිධ කට කට කතා මැද්දේ පසුගිය දවසක දිනේෂ් ඔහුගේ හොඳම යාළුවා කියන කෙනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තියෙනවා.

ඉතින් මේ අවස්ථාවේ ඡායාරූප අරගෙන තියෙන්නෙ මේ දෙන්නම එදා ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලිය  ක්‍රිකට් මැච් එක ගාල්ලට බලන්න ගිය ගමන කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් බොහෝ දෙනාගේ අනුමාන කිරීම් අනුව මේ විදියට ඔහු ඡායාරූපය පළ කරලා තියෙන්නේ  ශනුද්‍රි ප්‍රියසාත් සමග කියලා තමයි සඳහන් වෙන්නේ.