2022 සැප්තැම්බර් 21, ප.ව. 4:18
දිනිති වල්ගම කියලා කියන්නේ ලංකාවේ සිටින අතිශය ජනප්රිය චරිතයක්.
ඇය නිලියක් ඒ වගේම සුරූපි නිරුපිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා.
ඇය ගුවන් සේවිකාවක්.
දිනිති තවමත් තනිකඩ තරුණියක්.
පෙම්වතෙක් නැහැ.
විවාහ වෙන්න තරම් නිදහසක් ඇයගේ රැකියාව එක්ක නැහැ කියලයි ඇය කියන්නේ.
ඒ කොහොම වුනත් දිනිති සංගීත් සතරසිංහ සහ ඔහුගේ පවුලේ අය එක්ක තමයි වැඩිපුර කාලය ගත කරන්නේ.
සංගීත් සහ දිනිති අතර පෙම් සබදතාවක් නැහැ කියලා තමයි ඔවුන් දෙදෙනා නම් කියන්නේ.
නමුත් ඔවුන් එකටම තමයි කාලය ගත කරන්නේ.
සංගිත්ගේ අම්මටයි තාත්තටයි දෙන්නටම දිනිති කතාකරන්නෙත් අම්මා තාත්තා කියලා.
මේ හේතු නිසා හැමෝම කියන්නේ ඔවුන් පෙම්වතුන් කියලා.
කෙසේ නමුත් දිනිති ඊයේ සංගීත්ගේ පවුලේ උදවිය එක්ක ගත් ඡායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පල කරලා තිබුනේ “Family” ලෙස සඳහන් කරලා අවසානයේ හදවතක රූපයක්ද සමඟයි.
අනුන්ගේ පවුලක් තමන්ගේ පවුලක් ලෙස දිනිති නම් කළේ ඇය එම පවුලට ළඟදීම සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න නිසා වෙන්න ඕනේ.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 04, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 02, ප.ව. 4:30
2024 දෙසැම්බර් 02, පෙ.ව. 11:10