2023 මැයි 02, පෙ.ව. 2:36
ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිරුරට අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම නිසා සිහිසුන් තත්ත්වයේ පසුවන එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ.
විවාහ වී කාලයක් ගතවී ඇතත් දරුවන් නොමැතිවීම නිසා බිරිඳ ,වෛද්‍යවරයා සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා තැනැත්තියක් බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍යවරයා නිතර නිවසට නොපැමිණෙන අයකු බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි කියයි.
දරුවන් නොමැති වීම නිසා- බිරිඳ නිතර ආරවුල් ඇති කර ගැනීම මත ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙවැන්නක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.
අදි මාත්‍රාවකින් ඉන්සියුලින් බිරිඳගේ සිරුරට බලහත්කාරයෙන් ඇතුළු කර සිරුරේ සීනි ප්‍රතිශතය අඩු කර ඇය ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යන්නේ යැයි ද පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට තිබෙනවා.
සිහිසුන් වූබිරිඳ පසුව රෝහල් ගතකර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:38
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:06
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25