hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මාර්තු 27, පෙ.ව. 12:05



වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.

මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.

මුහුණුපොතේ උඩ පහළ යනකොට ඔබට හරි සංවේදී වීඩියෝවක් ඔබ දකින්නත් ඇති.

වෛද්‍යවරයෙක් හරි වෙහෙස වෙලා ජිවිතයක් රකින වීඩියෝවයි ඒ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: