2024 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
ඓතිහාසික සිනමා නිර්මාණවලින් සාර්ථක ගමනක් ආව, බොහෝදෙනාගේ ආදරය ආකර්ෂණය දිනූ ජනප්‍රිය තාරකාවකි දුලානි අනුරාධා.
කාලයක් තිස්සේ ඇයව නිර්මාණවලින් දකින්න ලැබුණෙ ම නැති තරම්.
ඔන්න දැන් ආයෙමත් ඇය ගැන කවුරුත් කතා කරන්න පටන් අරන්.
පළමු රංගනයෙන්ම ක්ෂේත්‍රයේ නමක් දිනාගන්න, කවුරු අතරත් කතාබහට ලක්වෙන්න වාසනාවන්ත වුණු තාරකාවක් ඇය…
”මුලින්ම මං සම්බන්ධ වෙන්නේ ජැක්සන් ඇන්තනීගේ අබා සිනමාපටයට.ඒක මගේ කුලුඳුල් රංගන අත්දැකීම වගේම ජීවිතේ කිසිමදාක අමතක නොවන අත්දැකීම.මේක නිර්මාණය වෙන්නෙත් සිනමා කර්මාන්තය බිඳවැටිල තිබුණු මොහොතක. රූගත කරද්දි වුණත් ලොකු පිරිසක් බලන්න ආවා.එහි ගුම්බක භූතාගේ චරිතයෙන් මං සරසවිය, සිග්නීස් සම්මාන උලෙළවල හොඳම නිළිය විදිහට සම්මාන ලැබූවා.පළමුවැනි නිර්මාණයෙන්ම හොඳම නිළිය වෙනව කියන එක මට හිතාගන්නවත් බැරි අත්දැකීමක්.ගොඩක් කල් ක්ෂේත්‍රයේ රැඳිල හිටියත් හැමෝටම නොලැබෙන අවස්ථාවක්.අබාත් එක්ක ඓතිහාසික සිනමා රැල්ලක්ම ආවා.විජය කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි වගේ නිර්මාණ හැදුණා.සංගිලි, පරාවර්තන වගේ නිර්මාණ ඊට වෙනස්.අබා එකෙන් පස්සේ තමයි මගේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීම සිදුවුණේ.සුමිත්‍රා රාහුබද්ධගේ පිනිබර යාමයේ උදතාරීගේ චරිතයෙන් මං නැඟී එන නිළිය විදිහට සුමති සම්මානය ලැබුවා.ඒකත් මට කුලුඳුලේම ලැබුණු සම්මානයක්.ඊට පස්සේ වහින්න මුතු වැස්සක්, චක්‍ර, මහ පොළොව අපේ නෙවෙයි වගේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණා.ආරාධනා නම් ගොඩක් ලැබුණා. අම්මයි තාත්තයි බලාගන්න ඕනෙ නිසා දුර බැහැර ඒවට සම්බන්ධ වුණේ නැහැ.”
දුලානි කියන්නෙ වෘත්තියෙන් ගුරුවරියක් බවත් ඔබ දන්නවනෙ…
”මං නර්තන ගුරුවරියක්. ඒක මං පුංචි කාලෙ ඉඳන්ම දැක්ක හීනයක්.මුල්ම පත්වීම ලැබෙන්නේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයට.දැන් සේවය කරන්නේ කළුතර බාලිකා විද්‍යාලයේ.මේ වෙද්දි මගේ ගුරු වෘත්තියට අවුරුදු 14ක්.මං හිතනවා මට ඉගැන්වීමේ දක්ෂතාව තියෙනවා කියලා…”
කාලෙකට පස්සෙ මාධ්‍ය ඉස්සරහට ආව දුලානි පහුගිය දවසක සිය ආදරය සහ විවාහය ගැනත් මේ විදියට කතා කරලා තිබුණා…
”මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා.ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි.”
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25