2022 අප්‍රේල් 22, පෙ.ව. 11:49
ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දාහතර වන දිනටත් ක්‍රියාත්මක වනවා.
ආණ්ඩුවට විරෝධය පළකරමින් පසුගිය 09 වනදා තරුණ පිරිස එක්ව මෙම ජන අරගලය ආරම්භ කළ අතර මේ වනවිට ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා.
පාස්කු ප්‍රහාරය සිදු වී ඊයේ (21) දිනට වසර තුනක් ගත වෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් මියගියවුන්ට පින් පැමිණවීමේ පිංකමක් ගාලුමුවදොර අරගල භූමියේදී පැවැත්වූ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඊට සංඝයා වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටිමද විශේෂත්වයක්.
මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ පියතුමන්ලා විසින් සංඝයාවහන්සේලාට දන් පූජා කිරීමයි.
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:21