hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 25, ප.ව. 1:49



එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ලබන වසරේ මුල් භාගයේදී කොළඹදී පැවැත්වීම සඳහා පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Cinnamon Life සහ Bookmyshow සමඟ එක්ව ජනවාරි හෝ පෙබරවාරි මාසවල කොළඹ ප්‍රසංගය පැවැත්වීමට යෝජනා කර ඇති අතර මේ ප්‍රසංගය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් තවමත් තහවුරු කර නොමැතී බවත් වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ රජයේ සැලැස්මේ කොටසක් ලෙස මෙවන් ප්‍රසංගයක් සදහා මුලපිරූ බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: