2022 නොවැම්‍බර් 02, පෙ.ව. 5:16
දරුවෙක් මෙලොවට බිහි කරපු දා ඉදන් ඒ දරුවාව දරාගෙන ඉන්න එකම පිරිමියා තාත්තා කිව්වොත් හරි.
සමහර දරුවෝ තමන්ගේ දෙමව්පියන්ට පණ වගේ ආදරය කරනවා.
ඒත් තවත් සමහරු තමන්ගේ දෙමව්පියන්ට සලකන එක ඕනකමින් අමතක කරලා තිබෙනවා.
හැබැයි දෙමව්පියන් එහෙම කරන අවස්ථා හරිම අඩුයි.
මොන නොහැකියාව තිබුණත් දෙමව්පියන් තමන්ගේ දරුවන්ව අමතක කරන්නේ නැහැ.
හැබැයි අද වෙනකොට මේ රටේ බලන බලන හැමතැනම වැඩිහිටි නිවාස. දෙමව්පියන්ට දරුවෝ සලකනවා නම් ඒ විදියට වැඩිහිටි නිවාස විවෘත වෙන්න ඕනේ නැහැනේ.
දරුවන් හතර දෙනෙක් හැදූ වැඪිහිටි නිවාසයක තනි වුනු පිය්ටෙක් පසුගියදා අභාවප්‍රාප්ත වෙලා.
පානදුර පිහිටි එක්තරා වැඩිහිටි නිවාසයකින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක මේ සම්බන්ධයෙන් සටහනක් පළ කරලා ඔහුගේ අවසන් කටයුතු කර ගැනීමට සහාය ඉල්ලා තිබුනා.
එම සටහන පහතින්,
“අද දින උදෑසන 5.40ට අපගේ ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි මෙම වැඩිහිටි තාත්තා හදිසි අසනීප තත්වයකින් අප අතරින් වියෝ වුනා..!
දරුවන් 4 දෙනෙක් මේ ලෝකෙට දායාද කල මෙම පියා මේ වන විට අපි කිහිප වරක්ම උත්සහ කලා දරුවන් සම්බන්ධ කර ගන්න නමුත් කිසිම පිලිතුරක් අප වෙත දැනුම් දුන්නේ නැත. තාත්තා නැති වුණා කියලා වට්ස්ඇප් මැසේජ් කළ විට අපේ අංකය බ්ලොක් කලා. පිංවත් කාරුණික මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩිහිටි තාත්තාගේ අවසන් කටයුතු කිරීම සදහා හැකි අයුරින් දායක වන ලෙස ඉල්ලා සිටිනවා.”
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 17, පෙ.ව. 12:00
2024 දෙසැම්බර් 16, පෙ.ව. 12:11
2024 දෙසැම්බර් 15, පෙ.ව. 12:12
2024 දෙසැම්බර් 14, පෙ.ව. 12:09
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24
14-12-24
14-12-24
14-12-24
14-12-24
14-12-24
14-12-24
14-12-24
14-12-24
13-12-24
13-12-24