hit counter

2024 දෙසැම්‍බර් මස 18 වන බදාදා

2022 ජූලි 06, ප.ව. 2:11



නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස්බුක් ඔස්සේ පාසල් සිසුවියන් රවටා එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ඔවුන්ව බිය ගන්වා කප්පම් ගැනීම්වල නිරතව සිටි බෝයගනේ යුද හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන හමුදා සෙබළකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සෙබළා කාලයක් තිස්සේම මෙම ක්‍රියාවේ නිරතව සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

මෙම හමුදා සෙබලා විසින් පාසල් සිසුවියන්ගේ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඒ අයගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමෙන් අනතුරුව නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් එම සිසුවියන්ව බිලිබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිසුවියගේ සාමාන්‍ය ඡායාරූපයක් ෆේස්බුක් හරහාම ඉල්ලා සිටින බවත් පසුව විවිධ ඉරියව්වලින් ඡායාරූප 50කට වැඩි ප්‍රමාණයක් ගන්නා බවත් අවසානයේදී සිසුවිය නොදැනීම නිරුවත් වෙමින් ඡායාරූප යොමු කරන බවත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

එම නිරුවත් ඡායාරූප ඔහු අතට පත්වීමෙන් පසු සිසුවියන්ට කථාකර එම ඡායාරූප අන්තර් ජාලයේ ප්‍රසිද්ධ නොකර සිටීමට මුදල් සහ සිසුවියන්ගේ පහස ඉල්ලා සිටින බව ද විමර්ශනවලින් අනාවරණය වූ බව එම නිලධාරියා සඳහන් කළා.

මෙම පුද්ගලයාට හසුවූ ගම්පහ ගනේමුල්ලේ පදිංචි සිසුවියක් රුපියල් 50,000ක මුදලක්ද ඔහුගේ බැංකු ගිණුමට බැරකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මුදල් ඇය විසින් දී ඇත්තේ ඇගේ දෙමාපියන්ව මේ ගැන දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

Example Image