hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 7:03



පසුගියදා බොරැල්ල පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් රුපියල් 5,000 බැගින් වූ ශරීර ඇප මුදා හරිනු ලැබුවා.

කෙසේ වෙතත් එහිදී පහරකෑමට ලක් වූ කාන්තාව විසින් එම වෙළඳසැල තුලදී සිදු වූ සත්‍ය සිදුවීම සහ ඉන්පසුවත් ඇයට සිදු වූ බලහත්කාරකම් සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්, 

“මට පොලීසියට ගියපු වෙලාවේදී කිව්වා ෆුඩ්සිටියට විරුද්ධව කිසිම දෙයක් කියන්න එපා කියලා. බොරැල්ල පොලීසියෙන් කිව්වේ. මාව පෙරෙට්ටුවට ගෙනිච්චට පස්සේ අඳුර ගන්න එපා එයාලගෙන් ගානක් අරන් දෙන්නම් කියලා කිව්වා. තව කිව්වා ඔය මාධ්‍ය වලින් ඔයාව ගන්න ආවොත් මොනාට හරි සල්ලී දෙන්නම් කියලා ඔයාව යොමු කරයි එහෙම ආවොත් එයාට දැනුම් දෙන්න කිව්වා.කුඩු දාලා හයිකෝට් එකට දාලා මාව සිරගත කරනවා කිව්වා. මට කිව්වා ෆුඩ්සිටි එකට විරුද්ධව මුකුත් කරන්න එපා ඒ ගොල්ලන්ගෙන් 50,000ක් හරි ලක්ශයක් හරි අරන් දෙන්නම් කියලා. අමාරුවෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න යද්දී මට කිව්වා ඇඩ්මිට් වෙන්න එපා කියලා. එහෙම වුණොත් එයාලව රිමන්ඩ් කරනවා පව් එයාලා හරි අහිංසකයි කියලා.ඕක අතඇරලා දාන්න කියලා මට කිව්වා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: