2022 ජූලි 08, පෙ.ව. 10:28
තම පියාගේ යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා බේරුවල, මස්සල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෝලිමක දින හතක් නොකඩවා රැදී සිටින 16 හැවිරිදි පාසල් සිසුවෙකු ගැනයි මේ කතාව.
ඔහු එම ප්‍රදේශය ජාතික පාසලක 11 වැනි වසරේ ඉගෙනුම ලබන දරුවෙක්.
මෙවර අපොස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන ඔහු පුරා සතියක කාලයක් පාසල් නොගොස් තම පියාගේ යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක කල්ගත කරයි.
“මගේ තාත්තා ධීවර කාර්මිකයෙක්. තාත්තා රැකියාවට නොගිහින් තෙල් පෝලිමේ හිටියොත් ගෙදර හැමෝටම බඩගින්නේ ඉන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ යන එක නතර කරලා තාත්තගේ බයිසිකලේ අරගෙන මම තෙල් පෝලිමට ආවා. තාත්තා උදේටයි, දවල්ටයි, රෑටයි කෑම ගෙනල්ලා දෙනවා. මම කෑම බයිසිකලේ උඩම තියාගෙන කාලා බයිසිකලේ උඩ ඉදගෙන පාඩම් කටයුතුත් කරනවා. රෑට පේමන්ට් එකේ කාඩ්බෝඩ් එකක් එලාගෙන නිදාගන්නවා. මේ විදිහට දැනට දවස් හතක් මං පෝලිමේ ඉන්නවා. මේ දවස් හත ඇතුලත දෙපාරක්ම ශෙඩ් එකට තෙල් ආවා. අත්‍යවශ්‍ය සේවා පෝලිමේ ඉඳගෙන ඉස්කෝලේ සමහර මිස්ලා සර්ලා තෙල් ගහගෙන ගියා. ඒත් ඒ එක පාරක්වත් මට තෙල් ගහගන්න බැරි වුණා. තෙල් ඇවිත් පැය දෙකක් යනකොට පොලීසිය තෙල් ඉවරයි කියනවා. ඉතින් ආපහු පෝලිමේ හිටපු තැන ඉදගෙන තෙල් බවුසරයක් එනකම් බලාගෙන ඉන්නවා. උදේට තෙල් පෝලිමේ ඉන්න කොට ඉස්කෝලේ මිස්ලා, සර්ලා, පන්තියේ යාළුවෝ හම්බ වෙනවා. ඒ ගොල්ලෝ මට ඉස්කෝලේ එන්න කියනවා. ඒත් මම ඉස්කෝලේ ගියොත් තාත්තගේ බයිසිකලේට තෙල් ගහන්න වෙන්නේ නැහැ.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05