hit counter

2024 සැප්‍තැම්‍බර් මස 29 වන ඉරිදා

2024 ජූනි 27, පෙ.ව. 12:02



කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ඒවගේම රිදී තිරය පුංචි තිරය කියන මේ අංශ ගණනාවක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ.

ගයාන් ගැන කතාකරද්දි ඔහු වර්තමානයේත් කලා ලෝකයේ විවිධ නිර්මාණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

හැබැයි ඔහු තෝරා බේරාගත්තු චරිත එක්ක විතරයි කරළියට එන්නේ.

මේ වෙද්දී පෙම්වතාගේ චරිත නම් ගොඩක් දුරට බාරගන්නෙත් නෑ කියලා ගයාන් සඳහන් කරනවා.

ඒවගේම තමයි චතුරිකාත් කලාවේ වැඩත් එක්ක ලොකුවට කාර්යබහුල වෙලා හිටියෙ නෑ.

ඒකට හේතුව ඇය කොළඹින් පිට ෂූටින් දාගන්නෑ.

ඒ අයගේ ආදරණීය දියණිය නිසා.

ගයාන්ට වැඩිපුර නීති දාන්නේ බිරිඳට වඩා දෝණී කියලා ආරංචියි ..?

ඔව්, දැන් මට යාළුවෙක් හමුවෙන්න එළියටවත් යන්න බැහැ. හොරෙන් යන්න ඕන. ආවට පස්සේ කොහෙද ගියේ, කීයටද ගියේ, මොනවද කළේ මේ ඔක්කොම රිපෝට් කරන්න ඕන. මගේ අම්මා හෝ චතුරිකාවත් කවදාවත් මගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. දාන්න ඕන නීති ඔක්කොම දාලා මාව හිර කරන්නෙ එයා විතරයි. මොකද අපි එයාව කොයිම මොහොතකවත් තනි කරන්නේ නැහැ, චතුරිකා හරි මම හරි එයා එක්ක ඉන්නවාමයි. බැරිම වුණොත් විතරයි අම්මා ළඟ පොඩි වෙලාවකට දාලා යන්නේ, අපේ වැඩවලට වඩා එයාගේ මානසික නිදහස අපිට වටිනවා. ඒ නිසා තමයි එයාට නිතරම අපිව ඕන.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: