hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 මාර්තු 20, ප.ව. 6:15



සිසු දරු දැරියන්ගේ ආදරය නොමදව දිනාගත් ආදරණීය ගුරු පියෙකු අද නිසොල්මන්ව සරසවි බිමට ආවා..

ඔහු එලෙස සරසවි බිමට ආවේ අවසන් වතාවට පමණක් බව ඔහුට ආදරය කරන කිසිවෙකුත් නම් විශ්වාස කරන එකක් නම් නැති වේවි.. ඒත් උපදින අපි හැමෝම දවසක මැරෙනවා එක පොදු ධර්මතාවයක්..

ජීවිතය ගැන ධනාත්මකව දකින්න පුරුදු පුහුණු කළ ඔහු  අද හොර රහසේම නික්ම ගිහින්.. හදිසි අනතුරකින් කිසිවෙකුත් නොසිතූ නිමේෂයක දිවි හැරදා ගිය ජ්‍යේෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍රගේ දේහය අද සරසවි බිමට රැගෙන ආවා..

ඉතාම සංවේදී මොහොතක් වුණු ඒ අවස්තාවේදී මුළු සරසවි බිමම නිසොල්මන්ව තිබුණා.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: