hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, පෙ.ව. 12:03



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා. රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.

ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

ඈ තුළ ඉන්නවා අපූරු සංකල්පනාවන්ගෙන් පිරුණු ලේඛිකාවක්. විටින් විට ඇගේ ඒ අදහස් ලස්සන වචනවලින් සමාජ මාධ්‍යයේ ලියවෙනවා.

අපේ ඇස ගැටුණු මේ සටහනත් එවැන්නක්.

”මේ ලියන්නේ මගේ කතාවම කියලා ආපහු සමාජය වරද්ද ගන්න එපා.

මේ අපි හැමෝගෙම කතාව…..

අඬන්න ඕන වෙලාවල් යම් යම් හේතු මත කල් දාන්න වුන වෙලාවල් වල පපුව කෑ ගහලා අඬද්දි ඒවා සුසුම් අස්සේ හිර කර ගත්තේ මේ ජීවිතයේ බොහෝ තැන්වල අසරණ වුණු වාර ගණන අනන්ත නිසා.

ඊළඟ මොහොතේ හැම දෙයක්ම වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

සමාජයේ ඇතුළේ අපි මොන තරම් කතාබහට ලක් වෙනවද, සමාජය අපිව විවිධ මිනුම් දඬුවලින් මනිනවා හැමදාම බලන් ඉන්නවා.

ඇත්ත මොකක්ද කියලා හරියටම නොදන්න සමාජය හය හතර නොතේරෙන කිරි සප්පයෙක් වගේ කියලා මට හිතෙනවා.

තමන්ගේ දුක කියලා අඬන්න හිතෙන්නේ අපිව හොඳින් හඳුනන හැමදාම ළඟ හිටිය කෙනෙක් ළඟ.

යාළුකමට උරහිසට පාත් වෙලා අඬද්දි අපිව සනසන්න ඒ අත්වලින් හිස පිරිමැද්දේ ඇත්තටම අපි පිළිබඳ දැඩි වේදනාවක් හිතට ඇතුළු වන අයයි.

මාජය කියන මේ විශාල හය හතර නොදන්නා කිරිසප්පයා උත්සාහ කරන්නේ රිදෙන තැන නොදන්නාකමට ඒ අස්සේ සෙල්ලං ගෙවල් හදන්න.

ඒ සෙල්ලම් ගෙවල් හදලා ඒකෙන් සතුටක් ලබන්න.

අපි වයසට යද්දී සමාජයත් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා මං හැමදාම දුක් වුණා.

අපිත් එක්කම සමාජයත් වයසට ගියා නම් කියලා මට හැමතිස්සෙම හිතුණා.

අපිත් එක්කම වයසට යන්න ඒ සමාජයට පුළුවන් වුනා නම් මීට වඩා දයාබරව අප දිහා බලන්න තිබ්බා…

ඇයි මේ සමාජයට හිතෙන්නේ නැත්තේ සමාජය වෙලාවකට ඔයා පට්ට අසාධාරණයි….

තෙරුණාද..? පටිට දුකයි ඒ ගැන හිතෙනකොට…..

ගයාත්‍රී ඩයස්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: