hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 04, පෙ.ව. 12:04



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

ඈ තුළ ඉන්නවා අපූරු සංකල්පනාවන්ගෙන් පිරුණු ලේඛිකාවක්. විටින් විට ඇගේ ඒ අදහස් ලස්සන වචනවලින් සමාජ මාධ්‍යයේ ලියවෙනවා.

හැමදාම අපි නැගිටින්න කලින් මල් පිපිලා අපි නිදාගත්තමයි මල් මැරෙන්නේ…
හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න ඒ මලට පුළුවන්…
මලකට බැරිවුනාට සමනලුන්ට රිද්දන්න උන්ට පුළුවන් බොහෝම සියුම් ලෙස මලකට රිද්දන්න ඒ රිද්දන්න එක හරිම ආදරණීයව දරාගන්නත් මලකට ශක්තිය තියෙනවා.
මොන තරම් වේදනාව විඳිමින් ඒ මල ඒ සමලුන්ට පැනි උරා බොන්න ඉඩ දුන්නත් ඒ මල දන්නවා කොහොමත් මේ පැණි ඉවර වුණාම තවත් මලකට මේ සමනලයා පියාඹනවා කියලා. ඒ ගිහිල්ලා ඒ මලින් පැණි බීලා නැවත වරක් ආවත් මේ මල ඒ සමනලයාට පැණි බොන්න ඉඩ දෙනවා. ඒ ඔවුන්ගේ තියෙන දරා ගැනීම නිසා.
ඒ වගේම ඒ මල දන්නවා සමනලයාගේ ආයුෂ තමන්ගේ ආයුෂට වඩාත් ගොඩාක් දිගයි කියලා. මලක ආයු කාලය දවසකට සීමා වුණත් සමනලයෙකුගේ ආයු දිගුකාලයක් තියෙනවා. ඒත් ඒ මල මැලවිලා මැරිලා යනකම්ම ඒ සමනලයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්ම ඒ ආදරය ඒ විදිහටම දෙනවා.
සමනලයා පැණි බොන වෙලාවට ස්වභාවධර්මය සුළඟ මහා හයියෙන් හමන කොට සමනලයා දැඩි ලෙස හයියෙන් මලව අල්ලාගෙන ඒ මලින් පැණි උරා බොනකොට වේදනාව මොන තරම් අමාරුවෙන් වුවත් දරාගෙන ඒ ආදරය තව තවත් ඒ සමනලයාට ඒ මල දෙනවද….
හවසට මැරෙන බව දැන දැන වගකීම් ඉටුකරන්න ඒ මලට පුළුවන් වුනා නම් ඇයි අපිට බැරි දිගු කාලයක් ජීවිතයක් ඇති අපට අපේ වගකීම් ඉටු කරන්න.
හිමිදිරි සිසිලේ ඉපදිච්ච ඒ සුන්දර ඒ මලට දවල් කාලය එද්දි රස්නයට අමාරුවෙන් හුරැ වෙද්දි හවස් වෙන තෙක්ම පුළුවන් උනා නං ඒ මලට දීප්තිය රැකගන්න උදෑසන මෙන්ම.
ඒ නිසයි හැමදාම අපි නැගිටින්න කලින් මල් පිපිලා අපි නිදාගත්තම ඒ මල් මැරෙන්නේ…
දරාගන්න……පුළුවන් තරමි….ඉවසන් ඉන්න බැරිම තැනදීත්……
ගයාත්‍රී ඩයස්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: