hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:02



‘ටික්ටොක්’ සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් (පෙම්වතුන්) තමන් පදිංචි කොච්චිකඩේ ප්‍රදේශයට උපක්‍රමශීලීව ගෙන්වා තම පෙම්වතා සහ ඔහුගේ මිතුරු කල්ලියත් සමග එක්වී තරුණයන් (පෙම්වතුන්) පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි මීගමුවේ සුරූපී තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙනවා.

මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම කොල්ලයට මුහුණ පෑ අය පස්සර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද රෝහල් සේවකයෙකි.

ඔහු ටික්ටොක් සමාජ ජාලය හරහා මෙහි සැකකාර තරුණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇත.

පසුව සැකකාරිය තරුණයාගෙන් මුදල් ඉල්ලා ඇත. තමා අත දැනට මුදල් නොමැති බව තරුණයා ඇයට දැන්වීමෙන් අනතුරුව පෙම් සබඳතාවය තාවකාලිකව නතරවී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: