2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:02
 
            
මට තරුෂිව මුලින්ම මුණ ගැහුණේ උසාවියේදී. එයාව මුණ ගැස්සුවේ රූවී. (මගේ නීතිඥ යාලුවා)
“ඔයා හොයන විදිහේ කතාවක් එයා ළඟ තියෙනවා.” රූවී එයාව හදුන්වා දුන්නෙ එහෙම.
“තරුෂි ලොකු පවුලක කෙල්ලෙක්. සල්ලිවලින් අඩුවක් නෑ. දැන් එයාට ඔය කතා කරන ලෝයර් තමයි මේ ඒරියා එකේ වැඩිම ගාණක් ගන්න පොර… ඉතින් හිතන්නකෝ කොච්චර සල්ලියක් ද කියලා. අර හෙන හිට් ඇඳුම් සේල් එකක් තියෙන්නෙ – – – කියලා. අන්න එකේ අයිතිකාරයාගේ දුව මේකි..”
“තරුෂි ඔයාගේ කතාව මට කියනවද? බයවෙන්න එපා මම ඔයාගේ නම ගම මුකුත් දාන්නෙ නෑ..”
මම ඇයව එකඟ කරගත්තෙ එහෙම. තරුෂි උත්තරයක් දුන් නෑ මුලින්. රූවිත් කතා කළාට පස්සෙ තරුෂි එයාගේ කතාව පටන් ගත්තා.
“ශිරාන් තමයි මම යාලුවෙලා හිටපු එක්කෙනා.. අපේ ආදර කතාව ගොඩක් පරණයි.. බඳින්නමයි හිටියේ.. ශිරාන් තමයි මාව ගෑනියෙක් කළේ. අපි නිතරම හම්බුණේ එයාගේ ඇනෙක්ස් එකේ. එයා ගොඩක් සෙක්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ කියන්නෙ ආසාමන්‍ය විදිහට ඇබ්බැහි වෙලයි හිටියේ. ඒ විතරක් නෙවෙයි… එයා මට ඒවායේ වීඩියෝ පෙන්නනවා. මට ඉතින් නුහුරුයි. කැමතිත් නෑ… ඒත් එයාගේ හිත රිදෙයි කියන බයට ඉවසගෙන බලන් ඉන්නවා. එයා සල්ලාලයෙක් බව මට තේරුණා. හැබැයි කාටහරි හිත ගියත් ඒක කෙළින්ම කියන පුරුද්දක් ශිරාන්ට තිබුණා..”
“ඒත් තමන් ආදරේ කරන කොල්ලා ඒම වෙනවට මොන කෙල්ලද කැමති.. මමත් කැමති නෑ.. මම ඒක ශිරාන්ට කිව්වා. මේ හැමදේම පටන් ගත්තෙ ශිරාන් මට පෙන්නපු වීඩියෝ එකක් නිසා. ඒ වීඩියෝ එකේ කොල්ලො හතර පහක්ම හිටියා. එයාටත් වුවමනයි කිව්වා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මම හිතුවා ජොක් එකට මේ කියන්නෙ කියලා. හැබැයි එයාට ඇත්තටම වුවමනයි කියලා මට තේරුණේ පස්සේ.. එක දවසක් එයා මාව එයාගේ ඇනෙක්ස් එකට නැතුව හොටෙල් එකකට ගෙන්නගෙන ගොඩක් වෙලා කතා කර කර හිටියා. ඒ වගේම අර විදිහට වීඩියෝ එකකුත් පෙන්නුවා. මම එච්චර කෙයාර් කළේ නෑ.”
“කවදාවත් නැතුව එයා මට කෝපි එකක් හදලා ගෙනත් දුන්නා. මට අවුල්… මොකද වෙනදා හදන්නෙ මමනේ. ඇයි අද විශේෂ ආදරයක්… පස්සෙ මතක් වුණා මේ ඇනෙක්ස් එක නෙවෙයිනේ. ඒත් මම ඒකත් වැඩිය නොහිතා කෝපි එකත් අතට ගත්තා. ඒක බොන්න අදිමදි කරද්දි එයා මට පෙව්වා බලෙන්ම වගේ. පස්සෙ ටිකකින් වෙච්ච දේවල් මට අමතකයි. හැමදේම බොඳවෙනවා වගේ දැණුනේ. හැබැයි මගේ ඇඟට මාර බරක් දැණුනා. කවුරු හරි ඇඟ උඩ ඇවිදන් යනවා වගේ අසාමාන්‍ය බරක්. ටිකෙන් ටික ඒ බර වැඩිවුණා..”
“හරියට මං අපායට ඇවිත් වගේ. ටිකෙන් ටික හැමදේම නැතිවුණා. ඊටපස්සෙ මම නැඟිට්ටා. මගේ ඇඟේ නූල් පොටක් නෑ. ඒ මදිවට එතැන කොල්ලො හතරකට වඩා හිටියා. ශිරාන් එක්කෙනෙක්. ගංජා ගඳයි හැමතැනම…. තව මොනා හරි ටැබ්ලට් එකකුත් උන් මට පොවලා… මගේ රහස් තැන් දන්න ගත්තා. ඒ වෙලාවේ තමා මට තේරුණේ මුන් මාව රේප් කරලා කියලා..”
“ශිරාන් එදා මාව රේප් කරපු ඒවා වීඩියෝ කරලා තිබ්බා. ඒවා පෙන්නලා මිනිහා මාව බය කළා. දෙයියනේ… මම මොනා කරන්නද ? උන්ට ආයෙම මාව වුවමනා වුණා. නැත්තම් උන් ඒවා ඉන්ටනෙට් දානවලු. මට පිහිටක් තිබුණේ නෑ අම්මලාට මේක කරනවා ඇරෙන්න… අද වෙනකන් නඩු කියනවා. උනුත් වියදම් කරනවා. අපේ අම්මලත් අතරින් නෑ.. උන් කියන්නෙ මම කැමැත්තෙන් මේක කරගත්තා කියලයි..”
“ඒත් මමයි දන්නෙ… ඇත්තටම මමයි තීරණය කරන්නෙ මගේ ඇඟ දෙන්න ඔ්නි කාටද කියලා. ඒක තීරණය කරන්න කාටවත් අයිතියක් නෑ. මට කියන්නෙත් නැතුව ඒ ඇඟ අයිති කරගන්න කාටවත් බෑ. මම කොහොම හරි ඒක ඔප්පු කරනවා.. කාලකණ්ණි කොහොම හරි යවනවා…”
 
                                                        2025 නොවැම්‍බර් 01, ප.ව. 4:24
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25